පසුගිය මාර්තු මාසයේ කලගෙඩිහේනේ දී පැහැරගත් වෑන් රථයක් ව්‍යාජ අංකයකින් මධ්‍යම පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ ප්‍රචාරක වැඩට යොදාගෙන තිබියදී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය දුටු ගමන් වෑන් රියදුරා පොලිස් නිලධරයන් සිටි දෙසට රිය කපා පළා ගිය නමුත් පොලිසිය පැය එකහමාරක් එය ලුහු බැඳ ගියේය.
අන්තිමේදී රියදුරා හක්වඩුවන ජබරහේන වත්තේ දී නිවසක් ඉදිරිපිට වෑන් රිය දමා වෙනත් වෑන් රියකින් ඔහු හා බිරිය පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය මාර්තු 26 වැනිදා මේ රිය කොල්ලකා ඇත්තේ පොලිස් ඇදුමට සමාන ඇදුමෙන් සිටි පිරිසක් බවත්, වෑන් රියේ ඡන්ද ලකුණක් ද මනාප අංකය සහිත ස්ටිකරයක් ද අලවා තිබූ ලකුණු ඇතැයි ද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැහැරගත් රිය බොරු අංකයකින් ඡන්ද වැඩට අරං
රොෂාන් ප්‍රනාන්දු Monday, 16 September 2013 07:27 PM
ආණ්ඩුවේ කෙනෙකුගේද දන්නෙ නැහැ වැඩේ? (නි)
දිල්ශානි Tuesday, 17 September 2013 10:38 AM
මගේ ඡන්දෙ නම් හොදම මැරයට. (නි)
සදුනි Monday, 16 September 2013 09:05 PM
එතකොට වාහන පැහැරගැනීම් පසුපස ඉන්නා දේශපාලකයාත් අතටම අහුවෙලා ඇතිනේ.? (නි)
ටෙනිසන් Monday, 16 September 2013 10:13 PM
මේ අදහස් දිහා බලපුවහම හිනත් යනවා, මේ වාහනය අල්ලලා තියෙන්නේ බස්නාහිර පළාතේදී චන්ද ප්‍රචාරක සලකුණු මද්යම පළාත. රියැදුර පැනල ගිහිල්ල. විහිළුවක් නේ, ඒ මිනිහ දෙසපාලුවෙක් කියල කොහොමද කියන්නේ. වාහනේ චන්ද ප්‍රචරක වැඩට යොදාගත්තා කියල කොහොමද කියන්නේ. පොලෝසියේ මහත්වරු රවට්ටන හිතාගන ඔයවගේ දෙයක් කරන්න බැරිද?(අ)
ගයා Monday, 16 September 2013 05:29 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
ඩන්ස්ටන් ද සිල්වා Tuesday, 17 September 2013 12:50 AM
විපක්ෂයේ කෙනෙක් වුණා නම් බලාගන්න තිබුනා (නි)
ධම්ම Monday, 16 September 2013 05:37 PM
බලන්න ජනතාවට සේවය කරන්න මේ අපේක්ෂකයෝ මොන තරම් කැප කිරීමක් කරනවද කියලා. පොලීසියට මේවා තේරෙන්නේ නැහැ. (නි)
ළමා Tuesday, 17 September 2013 01:17 AM
මටත් ආසයි ලොකු වුණහම දේශය පාලු කරන්නෙක් වෙන්න (නි)
චාන් Monday, 16 September 2013 05:53 PM
අප රටේ සමහර දේශපාලුවෝ කරන වැඩ අනුව බලන විට මේවත් වැඩද? සුද්දට ගිය රට, කියලා කියමනක් තියෙනවනේ, මෙයාලට බලය ලැබුනොත් ජනතාවට කිරි ඉතිරෙයි නේද? (නි)
දර්ශන් Monday, 16 September 2013 05:55 PM
දාන්නකෝ වාහනයේ ඡායාරූප ටිකක්,ජනතාව ඉතා කල්පනාවෙන් මෙම අපේක්ෂකයාට කතිරයක් ගහන්න හොඳේ. (නි)
දයා අළහකෝන් Monday, 16 September 2013 06:17 PM
මේ වගේ මිනිස්සුද රට හදන්න ඉදිරිපත් වෙන්නේ? (නි)
දිල්ශානි Monday, 16 September 2013 06:17 PM
ජනතාවට දැනගන්න,මොන පක්ෂයේද, කවුද කියා ඉක්මණින් කියන්න. මේ අය තමයි අපිට සේවය කරන්න හදන්නේ. බුද්ධිමත් ඡන්දදායකයිනි,ඔබේ ඡන්දය මංකොල්ල කාරයින්ට දෙන්න එපා. (නි)
පැතුම් Monday, 16 September 2013 06:18 PM
කවුද කියලා අමුතුවෙන් ආයේ කියන්න දෙයක් නැහැනේ (නි)
රුවන් Monday, 16 September 2013 06:38 PM
පවතින ආණ්ඩු පක්ෂයේ නම් වෙන්න බැහැ (නි)
ඩයස් Monday, 16 September 2013 06:55 PM
කරුණාකර මේ වාහනයේ ඡායාරූපයක් දමා කාගේ අංකයටද වැඩ කළේ කියා ලියන්න. (නි)
අජිත් Tuesday, 17 September 2013 07:42 AM
අරගොල්ලන්ගේ කට්ටිය තමයි බය නැතුව ඔය වගේ වැඩ කරන්නේ. (නි)
චමින්ද වීරමුණි Monday, 16 September 2013 07:18 PM
මෙයාලට තමයි දේශපාලුවො කියන්නෙ (නි)