IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොහොදා කසිප්පු වික්ක ජාතික රෝහලේ සුළු සේවකයා මාට්ටු

(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු නවම් පොහෝ දිනය  නිවසේ කසිප්පු විකුණමින් සිටියදී  කසිප්පු බෝතල් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල , ගෝවින්න,පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි⁣ මොහු කලක් බුලත්සිංහල සහ මහරගම රෝහල්වල සුළු සෙිවකයකු ලෙස කටයුතු කළ අයකු වන අතර වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු ලෙස කටයුතු කරන බවද පොලිසිය කීය.

54 හැවිරිදි සැකකරු දිගු කලක් තිස්සේ නිවසේ කසිප්පු විකිණිම සිදුකර ඇති අතර අවස්ථා කීපයකදිම අත්අඩංගුවට ගෙන පෙර වැරදි රැසක් ද ඇති මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි කසිප්පු ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි.

නිවසේ හතර පැතත්තට ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස කසිප්පු විකිණිම සිදු කරගනගොස් ඇතැයි හෙළිව තිබෙි.

අලෙවියට සුදානම් කසිප්පු පැකට් නිවසේ උණු වතුර බොතල් තුළ සඟවා තබා නිවස පිටුපස විශාල බැරලයක කසිප්පු තොග පවත්වාගන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරු අද (6) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතිි අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුලංජන ඒකනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැටලිමට සහභාගිවූහ.



අදහස් (4)

පොහොදා කසිප්පු වික්ක ජාතික රෝහලේ සුළු සේවකයා මාට්ටු

Gunawardhana Sunday, 05 February 2023 02:36 PM

බොන කෙනාට පොහොය දවස කියලා වෙනසක් නැහැ... බොන්න ඕනෑ.

:       2       10

ලලිත් පී Sunday, 05 February 2023 03:28 PM

මෙයට පෙර අවස්ථාවලත් අත්අඩංගුවට ගත්තා නම් රජයේ සේවකයෙක් ලෙසට දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණයක් කලේ නැත්ද? එහෙම නොවුනේ පොලිසිය අත් අඩංගුවට ගැනීම් ඔහුගේ සේවා ස්ථානයට නොදැන්වූ නිසාද, නැත්නම් රෝහල් වල සුළුසේවක පත්කිරීම දේශපාලුවන් කරන නිසා ඔහුගේ බලයෙන් යටගැසූ නිසාද කියලා සොයන්න රජයේ සේවකයෝත් කසිප්පු පෙරීම රැකියාවක් නැති අය කළාම මොකද?

:       0       14

තොප්පියා Monday, 06 February 2023 02:59 AM

මනුස්සයො පෝයට තමයි කරටිය කැඩෙන්න ගහන්නෙ !

:       0       2

Perera Monday, 06 February 2023 12:03 PM

ඔහොම ජාවාරම් කාරයෝ ගැන තමයි, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙල්ලන මහතා කිව්වේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site