IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු

(රෝහණ සමරවීර)

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන  අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන කියයි.

එම සැකකරුවන් ගොඩකවෙල මස්ඉමුල පංසල්දෙනිය හා රක්වාන දික්යාය යන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් එම සැකකරුවන් 38 හා 46 යන වයස් වල පසුවන්නෝ වෙති.

එම සැකකරුවන් සමග පොලිස් බාරයට ගත් පෙරීමේ උපකරණ අතර විශාල ප්‍රමාණයේ ගෑස් ලිප් දෙකක්. ගෝඩා පිරවූ ප්ලාස්ටික් හා යකඩ බැරැල් පහක්ත, තඹ දගර දෙකක් ඇති අතර රක්වාන පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව මෙහෙයුම සිදු කළ බව පොලිසිය සදහන් කරයි.

 



අදහස් (12)

පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු

මැක්ස් Thursday, 01 May 2025 06:39 PM

බැංකු කඩපු, ට්‍රාන්ස්පොමර් ගිනි තියපු, මිනී මරපු, ගොවි ජන සේවා මධ්‍යස්ථාන වනසපු, තුන්ඩු කෑල්ලෙන් රට කඩ වහපු, බොරු ඉන්දීය විරෝධයක් මවලා සැලකිය යුතු පිරිසක් මරා දාපු, බොරු බේගල් ඇද බාපු, රටට විනාසයම අත් කර දුන්, මුසාවාද කැප්ටන්ලා කීප දෙනෙක් රටක් කරන එකේ, කසිප්පු පෙරාපු කීප දෙනෙක් කියන්නේ සුළු දෙයක්. (නමුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න).

:       89       9

ලලනිThursday, 01 May 2025 09:02 PM

අන්ත පරාජයකින් පසු ඉච්ඡා භංගත්වයට පත්ව ඇති මැක්ස් නමැති මානසික රෝගියාට ප්‍රතිකාර ලබාදීමට කිසිවෙක් නැද්ද?

:       3       12

HERATHFriday, 02 May 2025 09:33 AM

එහෙනම් උබත් කසිප්පු පේරාපන් Maxxxxxo... උබලා වගේ හරක් නිසා තමයි ලංකාවම විනාශ වෙන්නේ.

:       4       16

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Thursday, 01 May 2025 06:42 PM

අපි බලයට ආවාම මේ අයගේ ස්වයං රැකියාවලට සහයෝගය උපරිමව දෙනවා.

:       1       45

Nandalal DE SILVA - France Thursday, 01 May 2025 06:55 PM

එදා, ඔය පොහොට්ටුවෙ නා-යකා යයි , ස්වෙච්ඡාවෙන් හදුන්වා ගන්නා, අප්පච්චි හෙවත් හැරමිටි නාකි මයිනා ගෙ කාලයෙදී "මතට තිතක්" කියා අටමගුලක් අටවාගෙන රට පුරා, කොටි ගනන් සල්ලි කන්දරාවක් වියදම් කරමින් සංදර්ශන පැවත්වූ එම පො - හොට්ටුවෙ ගංකබරයන්ම මාර ඩීල් කාර්යන් වෙලා : ළග එන චන්ද වලටත් සල්ලි ඕන නෙ ....

:       0       12

Thushara Thursday, 01 May 2025 08:23 PM

පෙරාපු එකක් කමෙන්ට් කරලාද කොහේද? නැත්නම් මැක්ස් ගහපු කෙනෙක්...!

:       0       6

රනේ Thursday, 01 May 2025 08:57 PM

කසිප්පු ව්‍යාපාරයට ජය වේවා!

:       0       0

Perera Thursday, 01 May 2025 11:55 PM

උඩ ඉඳන් පහළට පොහොට්ටුව නම් අපරාධ කාරයෝ, අපරාධකාරයෝ නම් පොහොට්ටුව. පොහොට්ටුවට ජයවේවා!

:       1       12

NPP Friday, 02 May 2025 05:36 AM

අතීතය කනපිට හරවන්න උත්සාහ කරන්න එපා. ජනමතයට අගෞරව කිරීම බරපතල වරදක්. බටලන්ද වධකාගාර ගැන අහල ඇතිනේ . වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න

:       2       6

කදිරා Friday, 02 May 2025 09:04 AM

අපේ පැත්තෙත් පොහොට්ටුවෙ එකෙක් හිටිය කසිප්පු පෙරන. (කෝච්චියෙ චේන් කඩපු එකෙක්ගෙ අනුග්‍රහයෙන් කලේ) අරගලය ට පස්සෙ බය වෙලා ගෙවල් දොරවල් ඔක්කොම රක්ෂණය කරල මිනිහ ඩුබායි පැන්නා.

:       0       20

පිටිගල මිලානෝ Friday, 02 May 2025 11:31 AM

කසිප්පු ජොනියාද…?

:       0       5

wije Friday, 02 May 2025 02:43 PM

පොහොට්ටු පක්ෂෙට ගෑවුණු අයෙක් වුණත් අංක 01 අපරාධ කාරයෙක්..., මේ රට දූක්ඛිත තත්වයට පත්කරපු රාජපක්ෂ හැතිකරේ රටටම සාපයක්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site