IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පොහොට්ටුවේ පිරිසක් ඇමති පුටුවලට පොර කති

(අජන්ත කුමාර අගලකඩ)

නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පිරිස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වරින් වර මුණගැසී හා විවිධ පාර්ශ්ව හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව 25 දෙනකුට පමණ සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන අතර ඇමතිවරුන් 23 දෙනාගෙන් දහතුන් දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.

ඇමති මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාවෙන් දස දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන අතර, ඉන් පස්දෙනකු මේ වන විටත් දිවුරුම්දී ඇත.

තවත් ඇමතිධූර පහක් පමණ පොදුජන පෙරමුණට වෙන්කර ඇති අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලයේ දිනේෂ් ගුණවර්ධන සහ ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට අමතරව, කැබිනට් අමාත්‍යධුර එකොළහක් සෙසු පක්ෂවලට හිමිවීමට නියමිතය.

ඉන් සෙසු පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත ,ආචාර්ය විජයදාස රාජපක්ෂ , හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, නලින් ප්‍රනාන්දු සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇමතිධුරවල දැනටමත් දිවුරුම්දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සමගි ජන බලවේගය ට තවත් ඇමති ධූරයක් බැගින් වෙන් කර ඇතැයිද දැනගන්නට ඇත.

කැබිනට් මන්ඩලයේඉතිරි පිරිස හා රාජ්‍ය ඇමතිවරුන් ලබන සතියෙදි දිවුරුම් දීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ .

මේ අතර ,රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාවද 30 කට පමණ සීමා කෙරෙනු ඇතැයි වාර්තා වේ

.



අදහස් (22)

පොහොට්ටුවේ පිරිසක් ඇමති පුටුවලට පොර කති

ajith Saturday, 21 May 2022 11:21 AM

ඇමැතිකමට පොර කාලා ඇමැති තනතුරු ගත්තද ඔවුන් කිසිවකු ඔවුන්ගේ ගම්බිම් වෙත යාමටද නොහැකිය. ඔවුන් හෝටල්වල නැවතී සිටින්නේ නම් ඒ සඳහා ඔවුන් විසින්ම මුදල් ගෙවිය යුතුවේ..!

:       34       110

ලුම්බිණි Saturday, 21 May 2022 11:55 AM

වනසතුන් ගොදුරු වලට පොර කනවා සේ මෙම පිරිස් අරගල කර ගැනීමට පටන් ගෙන ඇත.

:       26       81

sugath Saturday, 21 May 2022 02:49 PM

පේනවා නේද රට වෙනුවෙන් වැඩ කරන හැටි...?

:       25       75

කෝරළගේSunday, 22 May 2022 09:24 AM

පොහොට්ටුවේ පිරිසක් කියන්නෙ.....69 ලක්ෂයක් දීල ගෙනාපු දේශපාලනයේ ඉන්න තක්කඩිම හොරු රැලක්.හොරා කාල හොරා කාල රට වලපල්ලට යවල අද මුලු රටේම ජනතාව පොලොවෙ පස් කනව.ඒ මදිවට රනිල් මැදට පැනල විහිලු සපයමින් අද රට බේරගන්න බැරි තැනට අවුල්ල තව තව වලපල්ලට යවනව.මේ රනිල් කියන්නෙ රටට හෙනයක්.

:       0       0

කිරිපුතා Saturday, 21 May 2022 03:01 PM

ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කිව්වලු..!

:       15       77

ravin Saturday, 21 May 2022 04:26 PM

කිසිවෙකුට විශේෂිත රථ, එක ආරක්ෂකයකු පමණක්, විශේෂ දීමනා නොමැති බව සියලු සේවාවන් සඳහා දැනට සිටින රාජ්‍ය සේවක සංචිතයේ පමණක්, විශේෂ නිවාස පහසුකම් නොමැතිබව, පෙර හා පසුපස රථ නොමැති බව වගේ කොන්දේසි ටිකක් දැම්මා නම් හැලෙන ගණන හොයාගන්න පුළුවන් වේවි.. මේ දඟලන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි.. තම මඩිස්සලේ තරකර ගැනීමට ඇති තෘෂ්ණාවට...

:       6       55

SL Sunday, 22 May 2022 08:45 AM

උන් හම්බ කරන්නේ කොමිස් වලින් මචං . හැම එකාම කොන්තරත්තුවක් දෙද්දීන් කොමිස් එක ගන්නවා. පිටරටින් කොම්පැනියක් ආවොත් ලකාවේ ෆැක්ටරි එකක් දාන්න යෝජනයෙනුත් 10%-15% ඉල්ලනවා. එහෙම කාලකන්නි ටිකක් මුන් . කානුවක් හැදුවත් කොමිස් ගන්න කාලකන්නි ටිකක් රටේ දේශපාලන බලය අල්ලන් ඉන්නේ. මේවා වෙනස් වෙන්න ඕනේ.නැතිනම් කොහෙද ගෙවල් වලට වෙලා පිස්සු කෙලකෙල ඉන්න , චිචි ලට ලොකු හෝටල්.,යාන වාහන. අපිත් ජොබ් කරනවා , ලක්ෂ ගණන් පඩි ගන්නව් ඒත් ගෙවල් මැනේජ් කරගෙන , ගෙවල් හදාගෙන .ළමයින් බලාගෙන ඉවර උනහම හෝටල් ගන්න thrame සල්ලි අපිට ඉතුරු වෙන්නේ නැහැ නේ. ...............

:       0       0

NuwanSunday, 22 May 2022 09:58 AM

රාජ්‍ය සේවයට සෑම වසරකම බදවාගන්නා සේවක සංක්‍යාව පාර්ලිමේන්තුවේ වැඩි චන්දයකින් සම්මත විය යුතුය. එසේ බදවාගන්නා ආයතන සහ සුදුසුකම් ද ලිඛිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත විය යුතුය. එසේ කිරීමෙන් පමනක් රාජ්‍ය සේවය චන්ද කප්පම් ලෙස භාවිතකිරීම ඇහිරිය හැකිය.

:       0       0

Kumara Saturday, 21 May 2022 07:49 PM

බලමුකෝ... ඇවිත් කරන හැටි...!

:       7       35

darma Saturday, 21 May 2022 08:20 PM

නොදකින් විතරක්...

:       5       37

siril Saturday, 21 May 2022 08:29 PM

ගමේ මිනිස්සුන්ට හරියට ආදායමක් නැහැ... හාල් කිලෝ 1යි, පරිප්පු කිලෝ 1යි ගන්න රුපියල් 1000ක් හොයා ගන්න වෙලා තියෙන්නේ. මේ සේරම මකබෑවිලා ගිහින් රට කරන්න පුළුවන් කට්ටියකට දෙන්නෙත් නෑ... මසුරුකම වැඩි හින්දා...

:       10       48

nandaSunday, 22 May 2022 10:48 AM

සහතික ඇත්ත..., එයාලා යන්නේ රටේ මිනිස්සු නැත්තටම නැතිකරලා, පුළුපුළුවන් අය මේ රට අත්ඇරලා යනවා.

:       0       8

ගමේ එකාලා Sunday, 22 May 2022 02:45 AM

අනේ මෙහෙම තණ්හාවක්? ඇමතිකම් ගන්ඩ මෙච්වර පොරකන හැටි,වෙන රටවලවත් නැතුව ඇති .

:       0       0

ranjiani Sunday, 22 May 2022 06:31 AM

ඕස්ට්රේලියානු මහ මැතිවරණයෙන්, කම්කරු පක්ෂයේ ජය තහවුරු වෙද්දී, අග්රාමාත්ය ස්කොට් මොරිසන් පරාජය බාර ගනිමින්, ඇන්තනි ඇල්බනීස්ට ඇමැතුමක් දී සුබ පැතූ බව වාර්තා වේ.තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ද අග්රාමාත්ය ස්කොට් මොරිසන් වැඩි දුරටත් කියා සිටියේය. අපේ මහජන නියෝජිතයෝත් මේ ආදර්ශය ගන්න.ජනතාව එක වතාවක් ප්රතික්ෂේප කලාම ඉවත් වෙන්න වෙන සුදුසු පුත්ගලයන් රටේ ඉන්නවනේ එතනට එන්න. රට අරාජික වෙලා තියෙන්නේ මේ අත අරින්න බැරුව දගලන දැගලිල්ල නිසා නේද. දක්ෂ මිනිහෙකුට එදිරියට එන්න අවස්ථාවක් නෑ. හත් අට පාරක් පරද උන අය නැවත එනවා

:       0       0

සෙනෙවිරත්න Sunday, 22 May 2022 06:41 AM

දැන් වැටහෙනවද ජවිපෙ මන්ත්‍රී ආසන තුනක් තියාගෙන අගමැති කම නොගත් හේතුව? ජවිපෙ අවලාද නගනවනේ ඒකට, දැන් රට පරන ගමනෙම යන බවත් මහින්ද වෙනුවට එයාගෙ නිවුන් සොයුරු රනිල් අගමැති බවත් පෝලිම් බඩගින්න එහෙමම බවත් පේනව නේ

:       0       0

Ruwan Sunday, 22 May 2022 11:45 AM

අධ්‍යාපන ඇමතිකම ඩලස් හෝ දිනේෂ් විය යුතුයි..

:       12       0

ranjiSunday, 22 May 2022 05:43 PM

දිනේෂ් හොඳයි යටිගිරියෙන් බෙරිහන් දෙන්න. වැසිකිළි යනකන් බෙරිහන් දෙන්න පමණයි පුළුවන්. රටට කරපු දෙයක් තියෙනවද?

:       0       10

චින්තක Sunday, 22 May 2022 05:57 PM

දැනටමත් අධ්‍යාපන ඇමති පත්කරලා කියලා දන්නේ නැද්ද?

:       0       6

Ranjith Dissanayake Sunday, 22 May 2022 02:48 PM

ඔව්, මේ අය තනතුරුවලට පොර නොකෑවොත් තමයි ඒක අලුත් ප්‍රවෘත්තියක් වෙන්නේ...

:       0       10

Jerami Sunday, 22 May 2022 03:28 PM

ඇමති මණ්ඩලේ ටික ටික ලොකු වෙනවද?20යි කියලනෙ කලින් කිව්වෙ

:       0       0

විපරමා Sunday, 22 May 2022 03:45 PM

කවුද දන්නේ කලින් වතාවක් කෙරුවා වගේ අගමැති ගේ දෑත් සක්තිමත් කරන්ඩ හදනවද කියලා ? අපේ රටේ දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන මොන කතාද?

:       0       0

චමින්ද Sunday, 22 May 2022 05:21 PM

බුද්ධිමත්, උගත්, ක්‍රියාශීලි නිලධාරින් සමග සුහදව කටයුතු කළහැකි වංචා, දූෂණවලට බරක් නොපෙනෙන රට ගැන හැඟීමක් තියෙන අයගෙන් පත්කළොත් ඔය ප්‍රශ්නය විස‍ඳීමට හැකියි. උදාහරණයක් ලෙසට කියන්න පුළුවන් එයාව හිටපු මහඇමති කියනවා ඔහුට ලොකු දැනුමක් නැහැ කියලා... තමන්ගේ තත්වය දන්න අයෙක් ගැනීම හොඳයි.. තවත් හිටියා වනජීවි ඇමති කෙනෙක්.. එයත් කිසිම දේකට නුසුදුසුයි. තෝරන්න බැරිනම් නාම යෝජනා ගෙන පාර්ලිමේන්තුවේ ඡන්දය විමසා තෝරන්න...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 229 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 123 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 598 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 149 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 703 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 331 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1350 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1575 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site