IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසි අමුත්තා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරයි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සැල්විනියා නමැති ආක්‍රමණික පාසි වර්ගයක් ඇතැයි ගොවීහු සහ ධීවරයෝ කියති.

මේ පාසි දිනක් ඇතුළත විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන බවත් මේවා ඉක්මනින් විනාශ කර නොදැමුවහොත් මුළු වැවම ආක්‍රමණය කළ හැකි බවත් ඔවුහු කියති. කලහගල ධීවර ගම්මානයේ සිට පොළොන්නරුව නව නගරය දක්වා කිලෝ මීටර් 9ක දුර වේල්ල දිගට මෙම පාසි බෝවී ඇත.

පොළොන්නරුව කලාප කලාප වාරි ඉංජිනේරු ආර්.එම්.පී.කරුණාරත්න මහතා කියා සිටියේ මේවා නිරීක්ෂණය කළ බවත් ඉදිරි දිනකදී ගොවි සංවිධාන සහ ධීවර ප්‍රජාව ඇතුළු වාරි නිලධාරීන් සමග එක්ව මේ පාසි ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

දෙවැනි ලෝක යුද්ධ කාලයේ ජලාශද ගොඩබිම සේ සතුරු යානාවලට පෙන්වීමට වගාකළ පාසි හේතුවෙන් ලංකාවටද මෙවැනි තර්ජන ඇතිවී ඇතැයි විද්වත්හු කියති.

parakrama_2016119___-________--____---1 parakrama_2016119___-________--___2---1 parakrama_2016119___-________--__3--1 parakrama_2016119___-________--_4--1 parakrama_2016119___-________--_5--1



අදහස් (0)

පාසි අමුත්තා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරයි

ඉනෝකා Wednesday, 20 January 2016 12:25 AM

ගලානොයන ජලයේ ඉතා ඉක්මනින් පැතිරයන සැල්වීනියා පැළෑටිය ගැන හැමදෙනාම දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙනවා. ගලවා දමන පැළෑටි වළදමා හෝ පුළුස්සා නොදැමුවහොත් ඉතා සුළු ප්‍රමාණයකින් වුණත් නැවත ඉක්මනින් ව්‍යාප්තවීමට පුළුවන්. කිසිම ලස්සනක් නැති නිසරු, මේ ජලජ පැළෑටිය අපේ රටට බෝවුණේ කෙසේද...? (නි)

:       0       0

සුනිල් Wednesday, 20 January 2016 08:51 AM

විදෙස් රටවල මෙම ආක්‍රමණ වැළැක්වීමට සැල්වීනියා වර්ග යොදා ගන්නවා (බ)

:       0       0

ඉරන්ත Wednesday, 20 January 2016 02:37 AM

මේකට ඉක්මණින් පිළියමක් යොදන්න (නි)

:       0       0

සමීර Wednesday, 20 January 2016 03:49 AM

මේ පැලෑටිය මීට අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ පාලනය කර 1985 දී සයිටෝබර්ගස් සැල්වීනියා කියන කුරුමිනියෙක් මාර්ගයෙන්. තවම ලංකාවේ කොහෙහරි මේ සතා ඇති හොයාගෙන ඇවිත් දමන්න හරියටම හරියනවා (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 20 January 2016 03:57 AM

අපේ ගම අවට (අ පුර )හැම වැවක්ම මේ සැල්වීනිය සහ දිය හබරල වලින් පිරිලා තියෙන්නේ වැවට බසින්න පවා ඉතා අපහසු විදිහට. පැය 24 තුළ පත්‍ර 7 දක්වා වර්ධනය වෙනවා (බ)

:       0       0

විතාන Wednesday, 20 January 2016 03:59 AM

අම්පාර පැත්තේ මේ උවදුර නැති කළේ කෘමි වර්ගයක් මගින්. එ්ක ගොඩක් සාර්ථක වුණා. ඉවත් කරලා මේක කරන්න අමාරු වැඩක්. අමාත්‍යංශය පැත්තෙන් සොයා බලන්න. (බ)

:       0       0

චමල් Wednesday, 20 January 2016 04:54 AM

ඔය වගේ ගොඩක් ඒවා ලංකාවේ දැන් ශිඝ්‍රයෙන් පැතිරෙනවා. 2:6 වගේ අනුපාතයට. (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 20 January 2016 05:18 AM

මම දන්නා විදිහට ඔය සැල්වීනියා හොද පොහොර ජාතියක්... එ්ක නිසා කට්ටියට කියන්න ඒ ගැන... සේරම අරගෙන යයි. (බ)

:       0       0

සිල්වා Tuesday, 19 January 2016 05:51 PM

බලදාරීන් මේගැන විමසිලිමත් වෙන්න. (ර)

:       0       0

ටියුඩර් Wednesday, 20 January 2016 06:21 AM

මේවාට ආරම්භයේදීම පිළියම් නොයෙදුවොත් මහා විනාශයක් වෙලයි නවතින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site