IMG-LOGO

පසුගිය වසර පහේදී 550ක් ’’කරන්ට්’’ මාරයාට බිලි



(සුජිත් හේවාජුලිගේ)

විදුලි සැර වැදීමෙන්  සිදු වූ මරණ පන්සිය පනහක් පසුගිය වසර පහේදී වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම පවසන අන්දමට ගිය වසරේ දී පමණක්  විදුලිසැර වැදීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 120කි.

විදුලි සැර වැදීමෙන් සිදුවූ මරණ වලින් සියයට හතළිහක් පමණ වගා ආරක්ෂාව සතුන් මැරීමේ ආදී කටයුතු සඳහා නීති විරෝධී ලෙස ඇද තිබූ අනවසර විදුලි රැහැන් හේතුවෙන් සිදුව ඇති බව පවසන කොමිසම එම මරණ වැඩි සංඛ්‍යාවක් මහනුවර සහ බදුල්ල දිසික්කවලින් වාර්තා වී ඇතැයිද සඳහන් කරයි.

පසුගිය වසර කිහිපය හා සංසන්දනය කිරීමේදී විදුලි මරණවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මහජනතාවගේ නොදැනුවත්භාවය, නිෂ්පාදන හිඟකම, විදුලි වැට ස්ථාපනවල ප්‍රමිතියේ ඇති අඩු ලුහුඬුකම්  සහ නීතිය බලාත්මක කිරීම හා සම්බන්ධ දුෂ්කරතා  විදුලි මරණ වැඩිවීමට  බලපා ඇති කාරණා බවද කොමිසමට පෙනී ගොස් ඇත.

මේ තත්වය හේතුවෙන් විදුලි මරණ අවම කර ගැනීම සඳහා මහජනතාවගේ සහ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් උපදේශන සැසි පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.



අදහස් (0)

පසුගිය වසර පහේදී 550ක් ’’කරන්ට්’’ මාරයාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2117 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 655 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 732 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site