ඉදිරි තීරණාත්මක මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් වන බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සුපුරුදු පරිදි තමන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව අමාත්‍යවරයා කියයි. අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා 1976 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් වරක් එනම් 2010 වසරේදී පමණක් බවත් එම නිවේදනයේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පස්ස දොරෙන් එන්නේ නෑ‘ - ජෝශප් මයිකල්
අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 08:21 AM
ඔබතුමා පරිනත දේසපාලකයෙක්. වංචා දුෂණ චෝදනා නැති අවංක නායකයෙක්. ඔබතුමා ගෙදර හිටියත් ජයග්‍රහණය කරනවා. (නදී)
නනදලාල් Sunday, 05 July 2015 08:52 AM
[‘පස්ස දොරෙන් එන්නේ නැහැ....] එහෙම එන්නේ රස්සාවක් කරගන්න, වැටුපක් බලාපොරොත්තු වෙන අය. රටට වැඩක් කරන්න පුළුවන්, උගත්, අවංක අය එන්නේ මැතිවරණයකින් ජයග්‍රහණය කරලා.....(ම)
ප්‍රසන්න Sunday, 05 July 2015 09:29 AM
පස්සදොරෙන් එන්න මේක ෆිල්ම් හෝල් එකක් කියල හිතුවද? (ම)
ප්‍රකාශ් Sunday, 05 July 2015 11:47 AM
ඔබලාට මේ රටේ දේශපාලනය කරන්නට කිසිම සදාචාරයක් නැත. (නදී)
එච්. ජගත්දේව Sunday, 05 July 2015 05:28 AM
එහෙනම් ඔබතුමාගේ නායකයා වගේ නොවෙයි. එයා අගමැතිකමට ආව හැටි වෙන්නැති ඔය කියන්නේ.(ම)