(සුමිත් පොතුපිටිය )
හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ නරක්වූ මළසිරුර වාද්දුව මහවිහාර පාරේ නිවසක තිබී අද (27) සොයාගත් බව වාද්දුව පොලිසිය පවසයි .
මෙලෙස මියගොස් සිට ඇත්තේ වාද්දුව මහවිහාර පාරේ කුලී නිවසක තනිව පදිංචිව සිටී එම්. ශාන්ත චිත්‍රාල් සල්ගාදු නමැති 73 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කීය.
නිවස තුලින් අධික දුගදක් හමන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ කොට නිවසේ කාමරයක ඇදක් මත තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
පානදුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරීන් සහ හදිසි මරණ පරීක්ෂණය සිදුකල බවත්, දින තුනකට පමණ පෙර මියයන්නට ඇති බවට සැක පලකරන බවත් පොලිසිය සදහන් කරයි.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාසල් හිටපු ක්‍රිකට් විනිසුරුගේ මළ සිරුර දින තුනක් නිවසේ