(සුරංග රාජනායක සහ ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහා දෙල්තොට කරගස්කඩ ජාතික පාසලේ සිසුවකුට කොරෝනා වයිරසය මැඩලීමට ලබා දෙන ෆයිසර් එන්නත එකම අවස්ථාවේදී දෙවතාක් ලබා දුන් බවට එම සිසුවාගේ පියා ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ට පැමිණිල්ලක් කර ඇත.
මෙම පාසලේ 10 වසර පන්තියේ ඉගෙනුම ලබන දෙල්තොට ග්‍රේඩ්වැලි ප්‍රදේශයේ පදිංචි එම සිසුවාට මෙසේ එන්නත් දෙකක් විඳීම පිළිබඳව ඔහුගේ පන්තිභාර ගුරුවරයා ද පැමිණිලි කර ඇත.
එන්නත ලබා දීමට පෙර කාඩ්පත ලිවීම හා බෙහෙත් විදීම එකම ස්ථානයක සිදුකොට ඇති අතර පහළොස් හැවිරිදි මෙම සිසුවා පෝලිමේ විත් කාඩ්තෙ ලිවීමට දී වාඩි වූ පසු එන්නත විද ඇති අතර කාඩ්පත නැවත දෙන තුරු එහි රැඳී සියදී යළි මෙම සිසුවාට එන්නත විදිනු ලැබූ නිලධාරීනිය විසින් තවත් එන්නතක් විද ඇත.
කාඩ් පත ලියූ හා එන්නත ලබාදුන් කාන්තාවන් දෙදෙනා කතාබහක යෙදී සිටිමින් මෙම කටයුත්ත සිදු කළ බව එම සිසුවා පවසයි.
මෙම සිද්ධියට මුහුණ සිසුවා සිතා ඇත්තේ හැමෝටම එන්නත් දෙකක් විදින බවයි. නමුත් එළියෙ සිටි අනෙක් සිසුන්ගෙන් විමසීමේ දී ඔවුන්ට එක එන්නතක් පමණක් විද්ද බව පැවසීම නිසා මේ පිළිබඳව ඔහු පන්තිභාර ගුරුවරයාට දැන්වීමෙන් පසු ඒ බව මෙසේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත දන්වා තිබේ .
මේ පිළිබඳව සිසුවාගේ පියා ද ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් විමසා ඇත. එම සිසුවා එක් දිනක් රෝහල්ගත කරන ලෙසත් මෙම එන්නත සැර අඩු නිසා බිය විය නොමැති එහි නිලධාරියකු පවසා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාසල් සිසුවට කොරෝනා එන්නත් දෙකක් ගහලා