IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් , පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි

මෙම සැකකරුවන් ඉකුත් (5) දින මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවට කාන්තන්කුඩි. පැමිණිල්ල ලැබී ඇත 

එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා  සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් අද (8) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත



අදහස් (5)

පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අල්ලයි

Amal Monday, 08 January 2024 12:05 PM

රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ අපචාර අඩුකරගත හැකිය. ළමා හා කාන්තා අපචාර වලට සහ පොදු දේපල හොරා කන්නන්ට ඉතා කෙටි කලකින් නඩු විභාගකර චුදිතයින්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි...!!!

:       2       38

ඉන්දික Monday, 08 January 2024 01:23 PM

මරලා දාන්න ඕනෑ උන්ව. පොඩි හොරකමක්, කුඩු ටිකක් අහුවුනොත් ආයුධ පෙන්නන්න ගෙනිහින් මරන්නේ. ඕවාට ඒ දඩුවම් දෙන්න ඕනෑ...!

:       1       26

Pradeep Kumara Monday, 08 January 2024 01:26 PM

යල් පැනගිය නීති ඉවත දමා නව නීතී සකසා මේ අපරාධ කරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න.

:       1       29

රංබොඩ Monday, 08 January 2024 02:50 PM

දැන් මේ තිරිසනුන් ටික තර්කානුකූලව නිදොස්කොට නිදහස් කරගන්න අර කළු කෝට් මාමාලා දත් විලිස්සාගෙන ඇති. ඉතින් රටක් හැදෙයිද?

:       2       11

උධුලී Tuesday, 09 January 2024 08:41 AM

දැන් රටේ කාම අපරාධ වැඩියි. හේතුව මොකද්ද දන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site