IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් ගිය දැරිය බසයට බිලි

(සුරංග රාජනායක)

ගම්පොළ බෙරවිල සිට ගම්පොළ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයකට උඩහේන්තැන්න සේනාධිකාරී ජාතික පාසල අසලදී එම බස් රථයටම යට වූ පාසල් දැරියක් කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පටිතලාව කට්ටාරංවත්ත මල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි විශ්මි පූර්ණිමා හංසමාලි නමැති දස හැවිරිදි දැරියකි.

ඇය සේනාධිකාරී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

පාසල් යාම සඳහා අද උදෑසන මෙම බස් රථයේ පැමිණ ඇති ඇය පාසල අසලින් බැස එම බස් රථය ඉදිරියෙන් පාර මාරුවී පාසල දෙසට යමින් සිටියදී මෙම බස් රථයට යට වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

ඇය බස් රථයට යටවෙන අවස්ථාවේ ඇගේ වැඩිමහල් සොයුරාද බස් රථයේ සිට ඇති බව පැවසේ.

පාසලේ ප්‍රාථමික අංශයට මාර්ග දෙකක් ඇති අතර ප්‍රධාන ගේට්ටුව අසල හෝ මෙම මාර්ගය අසල උදෑසන රාජකාර කිරීම සඳහා පොලිස් නිළධාරියකුද සිට නොමැත.



අදහස් (2)

පාසල් ගිය දැරිය බසයට බිලි

Bandula Wednesday, 22 May 2024 07:49 PM

අපේ රටේ තත්වය දවසකදි කොපමණ ප්‍රමාණයක් ජීවිතය හානි ද අපේ රටේ මහජන ආරක්ෂක ඇමතිය බුද්ධි පොලිස් පතිය බුදි මුන් පින් පඩි කාරයො පමිපොරියො දෙන්න මෙවට ක්‍රමවේදයක් හදාපිය . අනතුරු නවත්වන්න.

:       0       1

Udhili Thursday, 23 May 2024 08:49 AM

දියණියනි ඔබ‍ට නිවන්සුව පතමු.!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site