IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පැසිපන්දු ශූරයෙකු වූ අර්ජුන්

නවපරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වන අර්ජුන් කපූර් මේ දිනවල පැසිපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කරමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. අර්ජුන් මෙසේ පැසිපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට හේතුව වී ඇත්තේ මෝහිත් සූරී අධ්‍යක්ෂණය කරන 'හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්' චිත්‍රපටයට බව සඳහන්. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු පසුගියදා ආරම්භ කළ අතර, චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

අර්ජුන් මෙම චිත්‍රපටයේ ජාත්‍යන්තර මට්ටමේ පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙස චරිත නිරූපණය කරන අතර, ඔහු ඇමෙරිකාවේ ප්‍රබල ක්‍රීඩා සමාජයක් සමග එක්ව මුහුණ දෙන අපුර්වතම සිදුවීම් පෙළක් මෙම චිත්‍රපටයේ කතා තේමාවට ඇතුළත් කර තිබෙන බව සඳහන්. කෙසේ වෙතත්, තවමත් මෙම චිත්‍රපටය සඳහා නිළි චරිතයක් තෝරා ගෙන නොමැති බවත්, දැනට ඒ සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් තොරතුරු සඳහන්. ඔවුන් අතර, ක්‍රිති ෂැනොන්, ශ්‍රද්ධා කපූර්, ජැක්ලින් ෆර්නැන්ඩෙස් හා ආලියා භාට්ගේ නම් යෝජනා වී ඇති බවත් තොරතුරු ලැබෙනවා.



අදහස් (0)

පැසිපන්දු ශූරයෙකු වූ අර්ජුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site