(නිමන්ති රණසිංහ )
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය අනුව මෙම පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ දඩ දඬුවම අහෝසි කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 141 දෙනකු ද, දින දාහතරක කාලයක් අඩුවීම හේතුවෙන් රඳවා සිටින රැදවියන් තිස් දෙදෙනකු ද මෙලෙස නිදහස ලැබීමට නියමිතව ඇති බව ය.
මෙලෙස නිදහස ලැබීමට නියමිත රැඳවියන් 23 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිතව ඇතැයි ද අමාතංශය පවසයි.
කුරුවිට, මහර, මීගමුව, වීරවිල වාරියපොල, බෝගම්බර, අනුරාධපුර, කළුතර, කොළඹ මැගසින් බන්ධනාගාරය, තල්දෙන, වටරැක, බදුල්ල, මාතර, අඟුණකොළපැලැස්ස, පොළොන්නරුව, කෑගල්ල, මඩකලපුව, මොණරාගල, පල්ලන්සේන, වවුනියාව, යාපනය, ගාල්ල, පල්ලෙකැලේ සහ ත්‍රිකුණාමලය යන බන්ධනාගාරවලින් සෙසු රැඳවියන් නිදහස් කෙරෙනු ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙ සඳහන් කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පොසොන් දා රැදවියන් 173 කට නිදහස
Chaminda Sunday, 12 June 2022 12:44 PM
රංජන් රාමනායකටත් නිදහසක් දෙන්න...
විපරමා Sunday, 12 June 2022 04:04 PM
මිනීමරුවන්ට සමාව දිලා එළියට දාපු රටේ, ඇත්ත කතාකරපු රන්ජන් හිරේ. ඔහුව නිදහස් කළ යුතුයි...