IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොසොන් දා මිහින්තලාවට විදුලිය නෑ

(උපුල් හේරත්, බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේය.

අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය.

මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්අද  පැවැත්වුණි.

පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය.

මෙහිදී මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ වන්දනා මාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරිමට සිදුව ඇති බවයි.

 



අදහස් (11)

පොසොන් දා මිහින්තලාවට විදුලිය නෑ

Jagath Wickramasekara Wednesday, 24 May 2023 10:20 PM

ඕනෑවට වඩා කතා කිරීම ... ඔහුව විහිළුකාරයෙක් කළේය

:       3       4

Lalla Thursday, 25 May 2023 12:38 AM

වන්දනාමාන නොකලට මොකද වෙන්නේ....අපිට තව්තිසාවට යන්න ඕන නෑ...ඉන්න අපාය හොඳයි.

:       2       3

ප්‍රියනන්දන Thursday, 25 May 2023 05:20 AM

ධම්මරතන හිමියන්ට කෝෂ ලබා දෙන්න. එතකොට හරි.

:       2       5

Maharoof Thursday, 25 May 2023 05:34 AM

අනේ පව්, තග දාලා රනිල්වත් බය කරන්න හදපු පාතාල සාදු පච වුනා නේද? ආතල් නැතුව ආගමික කටයුතු විතරක් කරන්න සාදු.

:       11       11

LGP. JATHUNARACHCHI. Thursday, 25 May 2023 06:48 AM

වත්මන් ආණ්ඩුවෙන් තවත් කැත ආදර්ශයක්!!!!

:       9       11

Lalla Thursday, 25 May 2023 07:01 AM

සාදු කියන්න ඕන නේද. නාස්තිකාර වියදම නවත්තන්න ඕන.

:       4       7

කසුන් Thursday, 25 May 2023 08:22 AM

ප්‍රධාන වෙහෙර විහාරස්ථානවලට කොච්චර සල්ලි හම්බු වෙනවද ? ඒත් එව්වට මොකද වෙන්නෙ ?

:       3       12

Jagath Wickramasekara Thursday, 25 May 2023 09:09 AM

විදුලිය අවශ්‍ය නැත .... බුදුදහම යනු විදුලි ආලෝකය නොවේ

:       5       12

nayakararhna Thursday, 25 May 2023 10:48 AM

සියලුම විහාරස්ථාන සහ ඒවායේ ආගමික කටයුතු "බුද්ධ ශාසන අමාත්‍යාංශයට" අයත් වේ. එබැවින් . ආලෝකකරණය සහ ආලෝකය සැපයීම සඳහා වන පිරිවැය ඔවුන් විසින් දැරිය යුතු නමුත් ලංවිම විසින් නොවේ.

:       2       5

චන්දන Thursday, 25 May 2023 10:48 AM

ජේ ආර් පරපුරේ එවුන් පලි ගන්නේ මෙහෙම තමා. මෙවට වැඩිකල් නොගිහින් වන්දි ගෙවන්න වෙනව. හිටපල්ල.

:       10       12

සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:59 PM

ගැටඹේ පන්සලට කටුකම්බි වැටක් ගහපු කෙනාගේ බෑනා ඊට වඩා හොඳ වෙන්න බැහැ. ඒත් වැඩේ එක අතකින් හොඳයි. මොකද මේවා පින් කතා කළාට එක එක්කෙනාගේ සාක්කු පිරෙන වැඩ... පෙර රජ දවසේ වගේ අල්පේච්ඡ විදියට වැඩේ කරමු...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site