IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පස්දුන් රටේ අවුරුදු ගමක්

වලල්ලාවිට වෙදවත්තේ ගැමියෝ පැරැණි සිරිත්  වලට මුල් තැන දී අවුරුදු උළෙලක් සංවිධානය කළහ.ගමේ ප්‍රභූවරයා වූ ආරච්චි ගෙදර ඔහුගේ සශ්‍රීකත්වය සංකේතවත් කරන වී බිස්ස ද එහි විය. තවත් තැනෙක  ගම්සභා ශාලාව ද කමත ද  ගැමි ගෙදර ද තනා තිබිණි.  ආරච්චි ගෙදරට අවුරුදු ගමන් ආ සියලු දෙනා ආරච්චි හා මැණිකේ විසින් පිළිගනු ලැබූහ. ඔන්චිලි වරම් , රබන් වැයුම්, ජන ගායනා , කොට්ටා පොර , කණා මුට්ටි බිඳිම, ලිස්සන ගස නැගීම ආදි අවුරුදු ක්‍රීඩා රැසක් ද පැවැති මේ සඳහා මීගහතැන්න පොලිසිය වෙදවත්ත තරුණ පිරිස මිරිස්වත්ත වීදී නාට්‍ය කණ්ඩායම සහ වෙදවත්ත ව්‍යාපාරික පිරිස මේ සඳහා මූලිකත්වය ගත්හ    



අදහස් (0)

පස්දුන් රටේ අවුරුදු ගමක්

අබුඩාබි කොල්ලා Monday, 16 April 2012 01:04 PM

මේවා අගය කරන්න ඕන වැඩ. අපේ අලුත් පරම්පරාවෙන් ගිලිහී යන දේවල්. බොහොම හොද වැඩක්. මේ වගේ දේවල් වලට අපේ කට්ටිය අදහස් ඉදිරිපත්කරන්නේ නැහැ. වෙන බහු බූත බැඩ වලටනම් කමෙන්ට් දහස් ගණනක් දානවා. හොද දේ අගය කරන්න පුරුදු වෙයව් සිහළුනේ.

:       0       0

කුමාර් Monday, 16 April 2012 01:36 PM

මේක ඉතාමත්ම හොද කාර්යයක්. ආරච්චි‍ගේ ඇදුම ඉතාමත් උසස් තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මැණිකෙගේ ඇදුමත් හොදයි. වී බිස්ස නිර්මාණයත් විශිෂ්ඨයි. අපි සුබපතනවා.

:       0       0

උපාලි ගවසිංහ Monday, 16 April 2012 01:35 PM

මෙය විශිෂ්ට දෙයක්. මුළු ලෝකයටම 2500 වසරක අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය විදහා දැක්විය හැකි කාර්යයක්.

:       0       0

වසන්ත Monday, 16 April 2012 02:58 PM

විශිෂ්ඨයි.

:       0       0

ඇන්ඩි Monday, 16 April 2012 03:38 PM

අපගේ "වටිනා සංස්කෘතිය" බටහිර ජාතීන් අපව පාලනය කිරීමට ගත් මුල් අවදිය පෙන්වන්නක් වැනියි. ආරච්චි කියන සංකල්පය බටහිර පාලකයන්ගේ හීරාරචි ක්‍රමයෙන් පැවත එන්නක්. මෙයින් පෙනී යන්නේ අපේ සංස්කෘතියට සුද්දා සම්බන්ධයි කියන දෙයද ? සමහර පණ්ඩිතයන් හිතනවා වගේ මෙය පාරිශුද්ධ සංස්කෘතියක් නොවෙයි.

:       0       0

හේමාලි Monday, 16 April 2012 03:59 PM

අලුත් පරපුරට මේක හොද ආදර්ශයක්

:       0       0

අලිබබා Monday, 16 April 2012 04:13 PM

දැන් අපි සදාචාරපරිහානියට මුහුණදීලා හමාරයි. ගෝලීයකරනය බටහිරකරනය නිදහස් ශිෂ්ඨාචාරය අපව අක්‍රමණය කරල. තාක්ෂණ දියුණුවේ වේගය නිසා ගෝලිය ග්‍රාමය ගෝලිය පවුල කියන තරමට ලෝකය හැකිලිලා. නිවියොක් නගරයේ හදුන්වලා දෙන අදුමි විලාසිතාවක් හදුන්වාදුන් පමණින් පසුදා එලිවෙන්නත් ඉස්සෙල්ලා ලොව පුරාම පැතිරිලා. අද යටට අදින ඇදුමි උඩට අදින කාලයක් මෙම උත්සහය හොදයි. එය පිංතුරයට පමණක් සීමා නොවී ප්‍රායෝගික වියයුතුයි.

:       0       0

රසික Monday, 23 April 2012 06:55 PM

දැන්‍ භැදෙන අලුත් පරපුරට වටිනාම දෙයක්.

:       0       0

නිශාන්ත සේනානායක Monday, 16 April 2012 11:16 AM

ඉතාම හොද වැඩක්. අපෙන් මේවගේ දේවල් ඈත්වෙලා යන කාලෙක ඔබගේ මේ වෑයම අගය කළ යුතුයි.

:       0       0

නිරන්දන ආටිගල Monday, 16 April 2012 11:25 AM

ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. අපේ බාලපරම්පරාවට අපේ එදා දවසේ ගම තිබූ ආකාරය ගැන දැනකියාගන්න මෙය කදිම තෝතැන්නක්. සියළු දෙනාටම ස්තූතියි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site