(නිමල කොඩිතුවක්කු)
අරගලය අතරතුර මැයි 09 වෙනිදා රටේ සිදුවූ සිදුවීමට වසරක් ගත වුවත් ගිනි තබා විනාශ කළ බස් රථ වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම සිදුවීමෙන් බස්රථ 32ක් සම්පූර්ණයෙන් විනාශ වී බස්රථ පනහකට අධික සංඛ්‍යාවක් අර්ධ හානි සිදු වූ බවත් විජේරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දුන් බවත් බස් රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
විපතට පත් දේශපාලනඥයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ ද විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් විජේරත්න මහතා තවදුරටත් කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පසුගිය මැයි 9 විනාශ වූ බස්වලට තවමත් වන්දි නෑ
Manoj Tuesday, 09 May 2023 05:14 PM
ඒවාට තමයි රක්ෂණය කියලා දෙයක් තියෙන්නේ... පූර්ණ රක්ෂණයක් දාලා තිබ්බානම් හරිනේ...
yaka Tuesday, 09 May 2023 06:12 PM
මොකටද ඒ අයට වන්දි ගෙවන්නේ...? පාඩුවේ හිටපු මිනිස්සුන්ට ගහන්න මිනිස්සු පුරවන් ආපු එකටද?
Lakmal Bandara Tuesday, 09 May 2023 06:43 PM
වන්දි දෙන්නේ මොකටද?
C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:03 AM
ඔහෙලගෙ බස් වගේද ඇමති මන්ත්‍රී හාමුලගෙ ගෙවල්. ඒ ගොල්ලන්ට වන්දි ගෙවල සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර උනාට පස්සෙ තමයි ඔයගොල්ලන්ගෙ මල ඉලවු බස් ගැන සලකා බලන්නේ. එතකන් අපට කහින එක දිගටම කරගෙන යන්න.
විසිල් Wednesday, 10 May 2023 09:14 AM
ලංකාවේ විශාලතම මාෆියා ව්‍යාපාරයක්. හිටන් ගියත් 100යි. ඉදන් ගියත් 100යි. නැමිලා ගියත් 100යි. එල්ලිලා ගියත් 100යි. බස් අතර කාල පරාසය අඩු කරන්න දෙන්නේ නැහැ . ලාභය අඩු වෙනවාලු එතකොට .
Bamunuarachchi Wednesday, 10 May 2023 05:28 PM
ඒකයි ඊට අදාළ රක්ෂණ කර තිබෙන්න ඕනේ කියන්නේ... ඔහෙලාගේ බස්වලට වෙන හානිවලට ජනතා මුදලින් වන්දි ගෙවන්නේ මොන කෙන්ගෙඩියකටද...?