
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින ෂැංගිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයින්ගේ පියාට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද තීරණය කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායකවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස කීරණය කළේය.
2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී කෝලාහල ඇති විය හැකි බවට තොරතුරු දැන සිටියදී ඒ පිළිබඳව පොලිස් නිලධාරියකුට දැනුම් නොදී තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
පොලිස් නිලධාරියෙකුට දැනුම් නොදීසිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදන ලැබ සිටින්නේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ පුතුන් වන මොහොමඩ් හිජාස් අහමඩ් හා මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් නමැත්තන්ටය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ඝාතකයන්ගේ පියාගේ ඇප ලිහිල් වේ
රවි ඉරුගල්බණ්ඩාර Thursday, 19 October 2023 01:37 PM
මෙයා නේද අර ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී?
Bamunuarachchi Thursday, 19 October 2023 11:55 PM
කෂ්ටිය තවත් ඇට්ටැක් එකකට ලෑස්ති වෙනවාලු. ඒකෙදි තමයි හම්බ සෙට් එක ලංකා පොළවෙන් අතු ගෑවිලා යන්නේ?