IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෝෂණ මල්ලේ ගුල්ලෝ

කල් ඉකුත්විම් දිනයත් නිෂ්පාදිත දිනයත් ලෙස එකම දිනයක් සදහන් රටකජු පැකට් තමන්ට දුන් බවත් ඒවා ඇතුළේ ගුල්ලන් සිටින බවත් හංවැල්ලේ නැගෙනහිර හේවාගම් කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියෙන් පෝෂණ මල්ල ගත් ගැබිණි හා කිරි දෙන මව්වරු චෝදනා කරති.

හංවැල්ල තුන්තාන සමූපකාර ප්‍රාදේශිකයෙන් මේ පෝෂණ මල්ල ලැබී ඇත. ඒවායේ ඇතුලත ගුල්ලන් පැහැදිලිව දක්නට සිටියි. ඇතැම් ඇට පුස් කා ඇත. නිෂ්පාදනය කළ දිනයත් කල් ඉකුත්වන දිනයත් ලෙස සඳහන් වන්නේ 2015-11-20 දිනයි.

මේ පිළිබඳ හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගෙන් විමසූ විට කියා සිටියේ සමූපකාර සමිතියෙන් ලබාදෙන පෝෂණ මල්ල ගැන දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවයි. ඒ ගැන සොයා බලා තීරණයක් ගන්නා බව ද ඔවුහු කීහ.

හංවැල්ල නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී පීරිස් මේ ගැන විමසූ විට කියා සිටියේ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්විමේ දිනය ලෙස එකම දිනයක් සටහන්ව තිබෙන්නේ නිලධාරීන්ගේ අතපසුවීමකින් බවයි. රටකජු හා කඩල තද වන ලෙසින් පැකට් කිරිම නිසා දින දෙක තුනකින් ගුල්ලන් සෑදී ඇතැයි ද ඔහු පවසයි.

සමූපකාර සමිතියේ සභාපති උදය වීරසිරි මහතා පැවසුවේ රටකජු විස්තර පත්‍රිකාවේ දිනය වැරදී ඇති නමුත් ගුල්ලන් සිටීමට හේතුවක් නැති බවයි. කෙසේ වෙතත් මේ පුවත පල නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

02 (1) 02 vlcsnap-2015-12-06-20h44m09s74 04 (1) 03

 



අදහස් (0)

පෝෂණ මල්ලේ ගුල්ලෝ

රසිකා Monday, 07 December 2015 05:57 PM

අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

උදිත් Monday, 07 December 2015 11:57 AM

බෙහෙත් ගහල නැති හොද පෝෂණ මල්ලක් තමා අපේ ආණ්ඩුවෙන් දීලා තියෙන්නේ. ගුල්ලෝ නැත්තේ බෙහෙත් ගහපු කන්න හොඳ නැති ඒවා වලටයි. (ර)

:       0       0

රොක්සි Monday, 07 December 2015 02:08 PM

අමතර පෝෂ්‍ය පදාර්ථ වශයෙන් `ගුළු` විටමින් එකතුකර තිබීම නරකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site