IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.

ශ්‍රී ලාංකික පවුල් සියයට 48 ක් තම පවුලේ කෑම මේසයට ආහාර ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නෙකුගෙන් (පොලී මුදලාලි) ණයට මුදල් ලබා ගෙන ඇති බවත් එසේත් නැතිනම් පවුල් සතුව තිබූ රන් ආභරණ උකස් කර මුදල් සොයාගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලාංකික පවුල් සියයට 43 ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර එම මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් තවත් පවුල් සියයට 35 ක් එම පවුල් ඉතුරු කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.

මෙරට පවුල් ඉන්ධන මිල පිළිබඳ දක්වන කණස්සල්ල දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 6 දක්වා සියයට 11 කින් ජනවාරි මස අඩු වී ඇති බවත් ආහාර මිල පිළිබඳ දක්වන කණස්සල්ල සියයට 87 ක් දක්වා සියයට එකකින් වැඩි වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය වැඩිම පළාත ඌව පළාත බවත් ඉකුත් දෙසැම්බර් මස සියයට 43 ක් වූ ඌව පළාතේ ආහාර අනාරක්ෂිතතාවය ජනවාරි මස අවසන් වන විට සියයට 47 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය දෙසැම්බර් මසට සාපේක්ෂව ජනවාරි මස සියයට 10 කින් අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව අඩුම පළාත ලෙස ජනවාරි මස අවසන් වනවිට බස්නාහිර පළාත පත්ව තිබේ.ජනවාරි මස බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය සියයට 23 කි.

 



අදහස් (10)

පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ

අරවින්ද මොනරවිල Monday, 20 March 2023 05:02 PM

අරු වගේම මෙයත් හොඳටම කෙරුවා... ඒ නිසා තමයි අද රටේ මිනිසුන්ට ඒක වේලක් කාලා ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ...!

:       7       10

Samitha Senaka Aluthgamage. Monday, 20 March 2023 05:12 PM

කොහොම කන්නද..? ලෙවකනවා මිසක්...

:       2       19

Jagath Monday, 20 March 2023 05:59 PM

ලංකාවේ ඉන්නේ පවුල් ලක්ෂ 50යි... ලක්ෂ 41කට කන්න පඩිය මදි ලක්ෂ 9කට කෑමට පඩිය වැඩියි...

:       3       11

pakeer Monday, 20 March 2023 06:13 PM

කෑම දිහා බලබල යන්න වෙලා තියෙන්නේ... පුදුම කරුමයක් වුණේ...

:       1       16

කිරිපුතා Monday, 20 March 2023 06:25 PM

ඌව පළාත කියන්නේ මිනිසුන් වැඩි හරියක් වගා කර⁣⁣ගෙන කන පළාතක්. මේ නියැදි කොහෙන්ද අරගෙන තියෙන්නේ කියලා රජය සොයාබැලීම වටී. අපේ රටට හිඟන ලේබලය ගහලා ඔලුව උස්සන එක නවත්වා ගන්න බටහිර දතකනවා වෙන්න පුළුවන්...

:       22       9

සත්‍ය ගවේෂී.Monday, 20 March 2023 07:07 PM

පොහොට්ටුවට කුලියට ලියන අයට මුදල් ලැබෙන්නේ, සත්‍ය වසා බොරුව රජ කෙරෙව්වොත් විතරයි. ඉතින් මඩිය තරකර ගැනීමට ඇත්ත වසා බොරු ලියනු ලැබේ. එහෙත් රටේ ජනතාව පුවතේ සඳහන් සත්‍ය හොඳහැටි දනී. ගොන් පුතාලා හිතන් ඉන්නේ ජනතාව තවදුරටත් රවට්ටන්න පුළුවන් කියලා. ඒ ඉස්සර..

:       5       22

amila Monday, 20 March 2023 06:34 PM

කමක් නැහැ.. රුපියල ශක්තිමත් කළානේ...

:       5       3

ජයරත්න Monday, 20 March 2023 08:05 PM

එතකොට කීයක්වත් නොලැබෙන අය කොහොම ජීවත් වෙනවා ඇත්ද? සමහරුන්ට කරන්න දෙයක් නැති තරමට මුදල්...

:       0       8

බද්රානි Monday, 20 March 2023 08:30 PM

"කන්න නැතත්, ඉන්න රටක් ඕනා" කියල නේද පහුගිය කාලේ මොර දුන්නේ? අඩු ගානට වඳ කොත්තු තියනවා කියල නම්, ආරංචියි.. මැදපෙරදිගත් පඩි වැඩි කරලලු.. බිරිඳව මැදපෙරදිග පටවලා සැමියන් රැල දේශපාලකයින් පස්සේ දිව්වා නම් ගොඩ යන්න තිබුනා. අනික ඉතින් රුපියලත් දැන් ශක්තිමත් නිසා, පොඩ්ඩක් බඩ ගින්නේ උන්නම මොකද වෙන්නේ?? දේශීය දේ අගයන අපිට මකටද ඔය චීස් බටර්, කොස් දෙල් තියෙන්නේ බඩ පැලෙන්න කන්න. කන්න නැතිඑකට වඩා, කාලෙකින් රොකට් එකක් අහසට ඇර ගන්න බැරිවීම සම්බන්ධව නම් ප්‍රෞඩ ජාතියක් ලෙස සංවේගයට පත් විය යුතු කාරනාවක්..

:       0       0

මෝ Tuesday, 21 March 2023 07:26 AM

කොලඹින් පිට ගම් වලට ගිහින් බලනකොට තම්‍යි මේ සංඛ්‍යාලේකන වල,සත්‍ය තේරෙන්නෙ.ලංකාවෙ දුප්පත් අසරන මිනිස්සු පව්.කාලකන්න් 225ක් වසර 20ක් 30ක් ඇතුලත පරම්පරා කීපයක්ම වලපල්ලට ඇදල,දාල සතුටින් පවුල් කනහැටි අපූරුව.මුන්ට ජාති ජාතිත් මේ පව ගෙවන්න වෙනවාමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 306 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 832 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1260 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site