IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සොයා ගත යුතුයි

(නිමල කොඩිතුවක්කු)

සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ විවිධ භේද අතහැර අත්වැල් බැඳගැනීමෙන් රට ගොඩනැඟිය හැකි බවත් පාර්ලිමේන්තුව තුළ එම සමගිය  දක්නට නොමැති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් සංවිධානය කරන ලද යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීවේය.

"20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වුණා. 

අපි එදා සිට 19 වන සංශෝධනය බලාත්මක කරන ලෙස විශාල හඬක් නැගුවා. 2015 එම සංශෝධනය ගෙන ඒමෙන් ශිලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාව ගේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වුණා. රටේ පිරිහීම, ආර්ථිකයේ පිරිහීම, දූෂණය ඉහ වහා යෑම හා නීතියේ බිඳවැටීම මෙන්ම එක රටක නීති දෙකක් ඇති වූයේත් 20 වැනි සංශෝධනය හරහා ලබාදුන් අසීමිත බලතල තුළයි.

19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධිකරණ ඇමතිතුමා  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙත දන්වා තිබෙනවා.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ අප අතර ඇති විවිධ භේද අතහැර අත්වැල් බැඳගන්න පුලුවන්නම් රට බේරාගැනීමට හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය අපි තවමත් දකින්නේ නැහැ. අපි මෙම අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාට ආයාචනය කර සිටින්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් සීමිත කාලයකට අදාළව නිශ්චිත හා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අප මේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළා. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා මූලික පදනම එම පාලනය මගින් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. එකී නිශ්චිත කාලය තුළ සිදුකරන එම වගකීම්  සම්පූර්ණ කිරීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි. මේ  සෑම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අප වඩාත්ම විශ්වාස කරන්නේ පොදු සම්මුතියකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහියි.
දැන් අපි සන්සුන් විය යුතු කාලය පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය ඇති විය යුතුයි.

රට ඉදිරියට ගෙනයෑමට නම්, අපට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය වනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට හදිසි නීතිය යටතේ ඇතුළු වීම ද අපට අනුමත කළ නොහැකියි. මේ සිදුවීම් නිසා අන්තර්ජාතිකව රජයේ කීර්තිනාමයට විශාල වශයෙන් හානිවන බව නිලධාරීන් වටහාගත යුතුයි.



අදහස් (1)

පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සොයා ගත යුතුයි

Bamunuarachchi Sunday, 31 July 2022 06:02 PM

ඩොලර් තිබුණානම් රනිල් ජනාධිපති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ අර්බුද නැහැ රාජපක්ෂලා රට පාලනය කරනවා. එහෙනම් පාර්ලිමේන්තුව තුළ එකමුතු වුණා කියලා රටට ඩොලර් ලැබෙනවාද? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්වථාකින් රටේ ආර්ථික අර්බුදය විසඳෙනවාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site