IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොල් හානිය ගැන අලුත් වාර්තාව එළි දකී

(අංජුල මහික වීරරත්න)

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

මාස හයක් ඇතුලත වඳුරන්, රිලවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම හානිය  පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයකින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2500- 3000ත් අතර පවතී. නියඟය, වනසතුන්ගෙන් වන හානි හා වෙනත් වසංගත තත්ත්වයන් නිසා මෙම අස්වැන්නෙහි යම් යම් විචලනයන් සිදුවේ.

එසේ වුවද මෙරට පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළව්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. ශ්‍රී ලංකාවේ ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව එම ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව 2022 වසරේ දී ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදු ව තිබෙන්නේ  පොල් වගාවටය.



අදහස් (4)

පොල් හානිය ගැන අලුත් වාර්තාව එළි දකී

pakeer Wednesday, 18 January 2023 10:50 AM

කළුතර මෙය වේගයෙන් පැතිර යනවා.

:       0       2

sriyal Wednesday, 18 January 2023 01:46 PM

රජය ක්‍රියාමාර්ග ගනීද?

:       0       0

Lalla Wednesday, 18 January 2023 04:28 PM

ලොකුම හානිය පොහොර නැතිකම. ගෝඨා ප්‍රමුඛ කාබනික කල්ලිය කල විනාශය. දෙවැන්න නිදියන පොල් පර්යේෂණ ආයතනය. කිසිම රෝග හෝ පලිබෝධ හානියකට උත්තර නෑ. ඊළඟට පොල්පැල සහ තරුණ වගාවට රතු කුරුමිනි හානිය. ඊළඟට පැලවලට ඉත්තෑවන්ගේ විනාශය. මේ කතාව වඳුරු දඩුලේනා සහ රිලා උවදුර නැති හැම පලාතටම පොදුයි.අපි ගම්පහ පැත්තේ රිලා වඳුරු ප්‍රශ්න නෑ. දේශපාලන රිලවු පමණයි.

:       0       1

Jaya Wednesday, 18 January 2023 04:31 PM

අර පැනල ගිය හනුම හින්ද වෙච්ච විනාසය කොච්චරද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site