IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු

(බී. ජී. චතුරංග) 

නොචියාගම ,  පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය  පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම  පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය යාය 15, පහළ මාරගහවැව පදිංචි 'පොල් පොඩ්ඩා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි පුද්ගලයකු, 27 හැවිරිදි ඔහුගේ සහෝදරයා සහ නොච්චියාගම නැකැත්තේගම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නොච්චියාගම  පහළ හල්මිල්ලෑව උඩුදුම්බර ගම්මානයේ 70  පුද්ගලයකුට අයත් පොල් ඉඩමකට රාත්‍රී කාලයේ  ඇතුළු වී පොල් ගස් 30ක තිබූ පොල් ගෙඩි 450ක් කඩා සොරකම් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය. 

 



අදහස් (1)

පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු

sugath Thursday, 20 March 2025 06:18 PM

රිලවුන්, ඉත්තෑවන්ට පසු පොල් වගාවට ඇති ලොකුම හානිය වන්නේ මේ පල් හොරුන්ගෙනුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site