(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ පුබුදු මාවත නො, 51 / 03 හි නිවසේ පදිංචි ගංගොඩවිලගේ දොන් ගාමිණී රණතුංග (62) හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා වෘත්තියෙන් පොල් කඩන්නෙකු වන අතර ඔහු සියඹලාගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ දම්සැරි උයන ප්‍රදේශයේ දූවිලියා ගහ ඉඩමේ අඩි 47 පමණ උස ගසක පොල් කැඩීම සඳහා නැග තිබේ.
ගසට නැග පොල් කඩමින් සිටියදී ගසෙහි බිම සිට අඩි 15 පමණ ස්ථානයෙන් කද කොටස කඩා වැටී ඇති අතර එම අවස්ථාවේදී ගස මුදුනෙහි සිටි පුද්ගලයා අඩි 32 පමණ ඉහල සිට බිමට වැටී තිබේ. එම අවස්ථාවේදී බිමට වැටුනු කද කොටස මෙම පුද්ගලයාගේ හිස මතට වැටී ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට