IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් ලොකු පුටු මාරුවක්

(ගයාන් සූරිය ආරච්චි)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොම්ෂන් නිර්දේශ අනුව වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතා මෙම නියෝග කර තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් කොඩි තුවක්කු අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති,  එම්.ඩී.ආර්.එස්. දමින්ද සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ කරවිට ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ ධනපාල උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර තිබේ

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී සම්පත් කුමාර විශේෂ කාර්යාංශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර තිබේ.

ඊට සමගාමීව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහනුවර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඒ.ජි.යූ.සි හේරත් කුරුණාගල කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ඊ ප්‍රසන්න ගල්කිස්ස කොට්ඨාසභාර නිලධාරියා ලෙසත්, ජෙෂ්ඨ පොලිස් අධිකාරි සී.කේ රත්නායක පානදුර කොට්ඨාස බලන නිලධාරියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි   පී.එම්.ඩී.යූ.බී. පලියවඩන මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙසද, ජ්‍යෙෂ්ඨ බුලි අධිකාරී  කේ.ජී.ඒ.කේ. පියසේකර කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලිව්.එම්.එස්.  වෙදගෙ තෙල්දෙණිය කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, පොලිස් අධිකාරී  ටි.එම්.ඊ.එල්. පෙරේරා මීගමුව කොට්ඨාස බාල නිලධාරියා ලෙසත් පත් කර තිබේ .

 



අදහස් (0)

පොලිස් ලොකු පුටු මාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site