IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පොලිස් මුල් පුටුවට තුන් කොන් සටනක්

(අංජුල මහික වීරරත්න)

පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී පවතියි. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 දින විශ්‍රාම ගැනීමට නියමිතය.

පොලිස්පති ධූරය සඳහා ඉහත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙනම කරුණු ඉදිරිපත් කිරීමට ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනකු කටයුතු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

 



අදහස් (27)

පොලිස් මුල් පුටුවට තුන් කොන් සටනක්

Prabha Wednesday, 01 March 2023 09:50 PM

වැඩිම සුදුසුකම් තියෙන්නේ සිවුරෙන් පැන්න එකාට

:       43       21

sisiraFriday, 03 March 2023 08:44 AM

පොලිස් මුල් පුටුවට තුන්කොන් සටන සඳහා සුදුස්සා තෝරාගැනීමට කරුණු 5ක් ඇතුළත් කර එම කරුණු 5ට අනුව ලංකාවේ පොලිස්පතිවරයා වීමට වඩාත්ම සුදුස්සා ඡන්දයක්/ රහස් ඡන්දයක් ලංකාවේ සියලු පොලිස් කොට්ඨාශ ආවරණය වන පරිදි පැවැත්වීම කළහැකි වේ.

:       0       2

බණ්ඩා Wednesday, 01 March 2023 10:29 PM

හොඳම ගොට්ටාට දෙයි.

:       50       48

ජගත් ලියනගේ Wednesday, 01 March 2023 10:31 PM

දේශය සම්බන්ධ එක්කෙනා ආවොත් එහෙම පොලිසිය ඉවරෙටම ඉවරයි .

:       62       55

Perera Wednesday, 01 March 2023 10:53 PM

දේශබන්දුට ඕක ලැබුනේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕන

:       53       47

kusumsiri Thursday, 02 March 2023 01:17 AM

අපේ පොලිසියේ තියෙන තවත් එක්තරා අප්‍රියජනක දෙයක් තමයි නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වෙන්නත් කලින් ඉඳලම පොලිස්පති වෙන්න හිතාගෙන අනෙකුත් නිලධාරීන් අතර තරඟ කිරීම. මෙතන කියවෙන නම් වලින් දෙදෙනක් නම් කුජිත වෙන්නම තමන්ගේ නම් කැතකරගෙන ඉන්න අය බව ප්‍රසිද්ධයිනෙ. අනෙක් කෙනා ජ්‍යෙෂ්ඨතත්වයෙන් ගොඩක් පහලයි. ඊට ඉහලින් තව ගොඩක් අය ඉන්නවා. පොලිසියේ ඉහල නිලධාරීන් අතර පවතින මේ පහත් පෙලේ තරඟයට හොඳම විසඳුම තමයි , නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙක් හෝ පරිපාලන සේවයේ අයෙකු මේ තනතුරට පත්කිරීම .

:       39       35

තරංගThursday, 02 March 2023 04:21 PM

අන්න හරි. පොලිස්පතිකමට සොලිසිටර් ජනරාල් පත් කරමු. නිතිපති තනතුරට නියෝජ්‍ය පොලිස්පති පත් කරමු. යුධ හමුදාධිපති කමට නාවික හමුදාවේ රියර් අද්මිරාල් කෙනෙක් පත් කරමු. නාවික හමුදාධිපති කමට යුධ හමුදාවේ මේජර් ජනරාල් කෙනෙක් පත් කරමු.

:       3       2

kusumsiriFriday, 03 March 2023 04:00 PM

තරංග උන්නැහේ ඔහේ ලංකාවේ පොලිස් ඉතිහාසය නොදන්නා බව පෙනෙනවා. ඒ වගේම ගැලරිය සතුටු කරන බොළඳ උදාහරණත් දක්වලා තියෙනවා. ටිකිරි මොලයක් තියෙන කෙනෙකුට හමුදාවක් සහ සිවිල් දෙපාර්තමේන්තුවක් අතර වෙනස තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම සිවිල් දෙපාර්තමේන්තුවක පරිපාලනය මෙන්ම නි. සොලිසිටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා පරිපාලන සේවය වගේ දේවල් පිළිබඳව අබමල් රේණුවක අවබෝධයක් නැති බව පෙනෙනවා. වැඩිවෙනකොට පරිස්සමෙන් මොලේ තැලෙන්න පුළුවනි...!

:       1       1

විපරමා Thursday, 02 March 2023 01:42 AM

පහුගිය කාලේ දේසබන්දුවා නැටුවේ නිකම් නෙවෙයි .අජිත් රෝහණ මහත්තයා සුදුසුයි කියලා හිතෙනවා.

:       39       30

Kuma Thursday, 02 March 2023 06:41 AM

ඇමතිලා මේකට මැදිහත් වෙන්නේ ඇයි. ස්වාධින පොලිස් කොමිසමක් තියෙනවනේ

:       40       48

sachith Thursday, 02 March 2023 07:23 AM

දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ ,මේ දෙන්නාගෙන් එක්කෙනෙක් ආවා කියන්නේ ඉතින් බඩුම තමා .තවත් විනෝද සමයක් රටේ ජනතාවට බලාන ඉන්න පුළුවන්

:       61       45

Bunny Preena Thursday, 02 March 2023 09:29 AM

අයියෝ කිසිම වැඩකට සහ වැදගැම්මකට නැති පුටුවක් .මොකට සටන් කරනවාද මන්දා?

:       36       29

Ruwan Thursday, 02 March 2023 10:01 AM

දේශබන්දු ,අජිහ් රෝහණ දේශපාලනයට හොඳටම කඩේ ගියා

:       49       43

Dharmatileke Thursday, 02 March 2023 10:49 AM

ජනතාවගේ කැමැත්තත් මෙයට සම්බන්ධ කල යුතුයි

:       38       33

Jcn Thursday, 02 March 2023 01:12 PM

දේශබන්දු සර් ආවොත් නීතිය බැබලෙනවා සත්තයි. මගේ පැතුම ඒ වගේ වැදගත් කෙනෙක් මේ උතුම් තතනතුරට පත් වේවා කියා

:       50       65

fairoos Thursday, 02 March 2023 02:15 PM

කවුද හොඳට ආණ්ඩුවට කඩේ යන කෙනා/එයාට තමයි පුටුව

:       41       28

නිහාල් Thursday, 02 March 2023 02:18 PM

දේශබන්ධු හා අජිත් රෝහණ කඩේ ගියේ මේක ඉල්ලාගන්න තමයි.

:       38       34

විජේ Thursday, 02 March 2023 03:02 PM

ජනමාධ්‍යවලිනුත් කරන්නේ කොටවන එකයි...

:       1       64

සුරලොව ඇල්මන් Thursday, 02 March 2023 03:34 PM

පොලිස් කොමිසම කියන්නෙ පොලිස්පතිගෙ කැමැත්ත අනුව නටන පිරිසක් ඉන්න තැනක් කියලා අහන්න ලැබුනා 1972 දක්වා ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් තිබුනත් එදා සිට රාජ්‍ය සේවයේ පත්කිරීම උසස් කිරීම ස්ථාන මාරුකිරීම විනය කටයුතු හා විශ්‍රාම ගැන්වීම කැබිනට් එකට ගත්තා එදා සිටම රාජ්‍ය සේවයේ පිරිහීමට පත්වෙලා අද වෙනවිට කුජීතම වෙලා අවසන් .

:       37       17

achini Thursday, 02 March 2023 04:09 PM

දේශබන්දුට තමයි දෙන්නේ. මිනිහා රාජපක්ෂලාගේ මිනිහෙක්

:       0       1

sampath Thursday, 02 March 2023 05:59 PM

මේ වගේ තනතුරුවලට පත්කරන කොට නිර්දේශිත නම පාර්ලිමේන්තුවට දාලා බහුතර කැමැත්තෙන් තෝරාගැනීමයි සුදුසු...

:       31       8

sweneFriday, 03 March 2023 07:14 AM

පාර්ලිමේන්තුවෙන් තමයි වර්තමාන ජනාධිපතිත් තේරුවේ. මිනිහා ප්‍රජාතන්ත්‍රවාදය වළලා දමනවා. අපේ එවුන් කවුරුත් එකයි.

:       3       1

අබරන් Thursday, 02 March 2023 09:56 PM

හොඳම යටි පතුල් ලෙව කන්නා දිනනවා.

:       0       3

Jayantha Wickramasinghe Friday, 03 March 2023 06:54 AM

දේශබන්දු හැරෙන්නට අනෙක් දෙන්නා හොඳයි.

:       0       1

අරවින්ද මොනරවිල Friday, 03 March 2023 07:03 AM

රනිල්ට ගැලපෙන සුදුසුම මිනිහා දේශබන්දු, ඒ නිසා එයාට මේක ලැබෙයි. දේවදත්තයි, අංගුලිමාලයි වගේ තියෙයි.

:       0       2

Ruwan Friday, 03 March 2023 09:05 AM

දේශබන්දු සහ අජිත් රෝහන හොඳටම දේශපාලුවන්ට කඩෙ ගියපු යක්කු.... මේ යක්කු දෙන්නව නම් එපා....

:       0       4

Sumana Ginige Sunday, 05 March 2023 07:13 AM

අජිත් රෝහණට කොන්දක් නෑ, හරි සර්, ප්‍රශ්නයක් නෑ සර්, ස්තූතියි සර්.. සපත්තු ලෙවකන පොලිස්කාරයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site