IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස් පොතෙන්

අනුරාධපුර ජයන්ති මාවතේ වටරවුමේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු (29) මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.


බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ගොස් පැතිකානුවක හා මල්පෝච්චි දෙකක ගැටීමෙන් යතුරුපැදිකරු (21) මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.

bandaragama-accident-(1) DSC08970

DSC08977

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ


පුත්තලම - කල්පිටිය මාර්ගයේ හැමිල්ටන් ඇල හරහා ඇති පාලම යට තිබී සිකුරාදා (25) ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 395 ක් සොයා ගත් බව පුත්තලම පොලීසිය කියයි.


නාගොඩ මාමනදොල දී මස් පිණිස ගවයින් ප්‍රවාහනය කරමින් තිබු කුඩා ලොරි රථයක් සැකකරුවකුද සමගින් සිකුරාදා (25) රාත්‍රියේ අත්තඩංගුවට ගත් බව නාගොඩ පොලීසිය කියයි.

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූූ හෙරෝයින් මත් කුඩු කිලෝග්‍රෑම් 5 ක් සිකුරාදා (25) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකරු සමඟ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය කියයි.


නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ සිටි බව කියන තරුණයන් පස් දෙනෙකු ග්‍රෑම්ස් 2 බැගින් වූ ගංජා පැකට් 5ක් සමග සැකපිට සිකුරාදා (25) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site