IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස් පොතෙන්

මාතර තරුණියක (22) වෙඩිතබා මරා දමා ඇතැයිද ඇයගේ පෙම්වතා බවට සැකකෙරෙන තංගල්ල නාවික හමුදා කදවුරේ භටයෙකුද වෙඩිවැදී මියගොස් ඇතැයිද පොලිසිය කියයි.ඔහු තමන්ටම වෙඩි තබාගන්නට ඇත්දැයි සැක බවත් පොලිසිය පවසයි.


මාතර - ගන්දර, හෙරොයින් කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.


පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ගිලී මියගිය කොළඹ බැංකු සේවකයෙකුගේ සිරුර ගොඩගත් බව පොලිසිය පවසයි.


මත්තල ගුවන්තොටුපොළ හංදියේ දී ටිපර් රියක් යතුරු පැදියක හැපී යතුරුපැදිකරු හා අනෙක් පුද්ගලයා මිය ගිය බව පොලිසිය කියයි.2015-11-11-_මත්තල_මාරක_රිය_අනතුර_(6)[1] 2015-11-11-_මත්තල_මාරක_රිය_අනතුර_(20)[1] 2015-11-11-_මත්තල_මාරක_රිය_අනතුර_(23)[1] 2015-11-11-_මත්තල_මාරක_රිය_අනතුර_(35)[1]

දෙදෙනාම (24,16) පහල අන්දරවැව පංචිකරුවෝ ය.මල්ලී ටියුෂන් පන්තියකට රැගෙන යද්දී මේ අනතුර සිදු වී ඇත.


සිලාවතුර සවරියන්පුර දී කේරල ගංජා කිලෝ 10ක් සමඟ පුද්ගලයකු (58) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


හබරණ - පොළොන්නරුව මාර්ගයේ පහේ ගල උඩදී මිතුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් මිතුරෙක් පිහිපහරකින් මරුමුවට පත්ව අනෙක් මිතුරා තුවාළ ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

webhabarana_20151111-2822 webhabarana_20151111822

ඡායාරූප - සංජය මධුෂාන්


යාපනය පේදුරුතුඩුව ඩිපෝවේ බසයක කොන්දොස්තරවරයකු වවුනියාව බස් නැවතුම්පොළේදී සෙනග වැඩි බව කියමින් පාසල් දැරියන් හත් දෙනකුට බසයට ගොඩවීමට ඉඩ නොදුන්නැයි වව්නියාව පොලිසියට පැමිණිලි කර ඇත.

එක් දැරියක බිම වැටී සුළු තුවාල ලැබූ බව කියති. වව්නියාව ඩිපෝ කළමනාකරු එච්.එම්.සොයිසා මහතා පැවසූයේ මේ ගැන පරීක්ෂණයක් පවත්වන බවයි. 



අදහස් (0)

පොලිස් පොතෙන්

දුමින්ද Wednesday, 11 November 2015 07:25 AM

අහන්න ලැබෙන්නෙම විපත්මයි (නි)

:       0       0

ටියුඩර් Wednesday, 11 November 2015 03:38 AM

අයියෝ ‍අහන්න ලැබෙන දේවල්? (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 November 2015 04:05 AM

පහේ ගල උඩදී මිතුරන් සතුරන් වුණේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site