IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටි සොරෙකුට පෙම් බැඳි ගංගු

2016-06-24-ent-150

නිරූපණ ශිල්පිණියක ලෙස ක්ෂේත‍්‍රයට පිවිස පසුව සිනමා නිළියක සහ ටෙලිනාට්‍ය ශිල්පිණියක ලෙස කටයුතු කරන ගංගු රොෂානා මේ දිනවල පේ‍්‍රක්ෂකයින් අතරට පැමිණෙන්නේ සුරංග ද අල්විස්ගේ තෙවැනි සිනමා නිර්මාණය ලෙස තිරගත වන ‘‘හොරා පොලිස්’’ චිත‍්‍රපටය සමගයි. දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙසින් කලා ක්ෂේත‍්‍රයේ නිරතව සිටියද ‘‘ගංගු’’ නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් නම් නොවෙයි. ‘‘හොරා පොලිස්’’ චිත‍්‍රපටය සමග මේ දිනවල හමුවන ‘‘ගංගු’’ සැඳැල්ල හැඩ කළ මොහොතකි මේ.

 

2016-06-24-ent-148ගංගු මෙච්චර කල් කොහෙද හිටියෙ?

කලා ක්ෂේත‍්‍රයේම තමයි.

 

ඒත් පෙනෙන්නට නැත්තෙ?

අවුරුද්දකට එක නිර්මාණයකට හෝ එක් වුණා. කලාවෙන් ඈත්වෙලා හිටියෙ නැහැ. දිගටම වැඩ කළා. නමුත් රූපවාහිනි වැඩසටහන්වලට සහ පුවත්පත් සාකච්ඡුාවලට එහෙම ගියේ නැති තරම්.

 

ඇයි ඒකට හේතුවක් තියෙනවද? ඊට අකැමැතිද?

අනේ නැහැ. ඒත් නිර්මාණයකට දායක නොවී, සිටියදී අපි ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඔන්න දැන් නම් මේ ‘‘හොරා පොලිස්’’ නිසා කතා කරන්න පුළුවනි.

 

පසුගිය දිනවල ‘‘ගංගු’’ ගැන කතා වුණේ?

සුදත් රෝහණයන්ගෙ ‘‘ගිරිකුළ’’ නිසා වැඩි දෙනෙක් කතා වුණා. නමුත් මේ අවුරුද්දට නම් තවම අලූත් ටෙලි නිර්මාණයකට එක්වුණේ නැහැ.

 

ඇයි ආරාධනා නැතිද?

ආරාධනා නම් තියෙනවා. නමුත් කළේ නැහැ. පසුගිය දිනවල රූගත කළ තුෂාර තෙන්නකෝන්ගෙ ‘‘කා’’ කියන ටෙලි නිර්මාණය මේ වසරේ විකාශය වේවි. ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ.

 

මේ ගෙවී ගිය කාලයේදී ‘‘ගංගු’’ ගැන පේ‍්‍රක්ෂකයින් වැඩිපුර කතා කළේ මොන චරිතය ගැනද?

මම හිතන්නෙ තවම මා ගැන එහෙම කතා වුණේ නැහැ. ඒ තරමටම කතා වෙන්න තරමට මම තවම විශිෂ්ට චරිතයක් කළේ නැති බවය අදහසයි.

 

එදා ඔබ මුලින්ම ක්ෂේත‍්‍රයට ආවේ?

නිරූපණ ශිල්පිනියක ලෙසයි. පසුව, ‘‘සමන්තා’’ චිත‍්‍රපටය සමග සිනමාවට ආවා. ඉන්පසුව තමයි ටෙලි ක්ෂේත‍්‍රයට ආවේ.

 

දැන් නිරූපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ නොවන්නෙ?

සාමාන්‍යයෙන් ලංකාවේ නිරූපන ශිල්පිනියක් රඟපෑමට ආවාම මොඞ්ලින් නතර කරන්න වෙනවා. ඒක තමයි ස්වභාවය.

 

‘‘ගංගු’’ කියන නම ඔබට දැම්මෙ කලාවට එන්න ඕනෑ නිසාද?

නැහැ. ඒක අපේ අම්මා මට දාපු නමයි.

 

වෘත්තියක් ලෙස ආසාවෙන් හිටියෙ මොන වගේ කේෂ්ත‍්‍රයක නියැලෙන්නද?

නිරූපණය දිගටම කළා නම්? වෘත්තීය මට්ටමෙන් ඉහළටම යාවි. සමහර විට ඉන්දියාව වගේ පරිසරයකට ගිහින් වෘත්තීය මට්ටමින් එය කරන්න තිබුණා.

 

දැන් මොන වගේ චරිතවලටද වැඩිපුර කතා කරන්නේ?

චාරිතාංග නිළියක ලෙස එදා ඉඳලාම කටයුතු කරන්න ලැබුණා. ඒ ගැන මට හරි සතුටුයි.

 

ගංගු අධ්‍යාපනය කළේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්, නමුත් සිංහල භාෂාව හොඳට පුළුවන් නේද?

ඇත්තටම ඔව්. ඉස්සර ක්ෂේත‍්‍රයට ආ දිනවල මට හොඳට සිංහල වචන උච්චාරණය කරන්නත් බැහැ. ඒත් දැන් හොඳට පුළුවනි. ඒ නිසා තමයි සිංහල දෙබස් කවන නාට්‍යවලටත් සම්බන්ධ වෙන්නෙ.

 

මේ දිනවල ඒ විදියට ඔබගෙ හඬ අහන්න පුළුවන් නිර්මාණයක් ගැන කිව්වොත්?

ඉස්සර නම් නිර්මාණ රැුසකට දායක වුණා. අද දවසේ හිරු නාලිකාවේ විකාශය කෙරෙන ‘‘ආදරෙයි මං ආදරෙයි’’ නාට්‍යයේ චරිතයකට දෙබස් කවනවා.

 

ඇත්තටම ඔබ ‘‘අදරෙයි මං ආදරෙයි’’ කිව්වෙ කාටද?

‘‘ඉඳිවී කොතැනක හෝ හිමිකාරයා මගේ නමින්’’ කියලයි මම හිතන්නේ.

 

සොරෙකුට පෙම් බැඳි කතාව ගැන දැන් කිව්වොත්?

‘‘හොරා පොලිස්’ චිත‍්‍රපටයේ මම රඟපාන්නේ ‘‘දීප්ති’’ කියන චරිතයයි. ඇය පොලිස් නිලධාරියකු සමග ආදරයක පැටලෙනවා. නමුත් එයා හෙරෙකු බව දැනගන්නෙ පසුවයි. මේ හොරාට ඉන්නෙ ප‍්‍රවීන රංග ශිල්පී මහේන්ද්‍ර පෙරේරායි. අන්තිමට මොකද වෙන්නෙ කියලා බලන්න, මේ චිත‍්‍රපටය නරඹන්න එන්න කියා මම පේ‍්‍රක්ෂකයන්ට ආරාධනා කරනවා.

 

සඳුන් ගමගේ 

 

sandalla

 

2016-06-24-ent-153
2016-06-24-ent-152
2016-06-24-ent-151
2016-06-24-ent-150
2016-06-24-ent-149

 

 



අදහස් (0)

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටි සොරෙකුට පෙම් බැඳි ගංගු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 861 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site