IMG-LOGO

පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ අයෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක

කොළඹ ගුණසිංහපුර ආලෝක සංඥාපුවරුව ආසන්නයේ දී කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට නිරුවත පෙන්වා පලාගිය බව කියන 56 හැවිරිදි පුද්ගලයකු අල්ලා පොලිසිය බාරදී ඇත.  

අත්අඩංගුවට ගත් සැකකරු ඔබේසේකරපුර ,රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල රාජකාරි කරන මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා දෙදෙනා රාජකාරි කටයුතු නිම කර  කොටුව පොලිස් ස්ථානයේ පිහිටි කාන්තා නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

ගුණසිංහපුර ආලෝක සංඥා පුවරුව ආසන්නයේ පසුකරගෙන මෙම පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඒ අසල රැඳී සිටි මෙම සැකකරු ඔහු ඇඳ සිටි කලිසම ගලවා එම නිලධාරිනියන් දෙදෙනාට නිරුවත පෙන්වා පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ බව දුටු ඒ අවට සිටි පිරිසක් පළා යමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා පිටකොටුව පොලිසියට භාර දී ඇත.



අදහස් (6)

පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ අයෙක් මාට්ටු

pakeer Friday, 21 July 2023 12:53 PM

තේරුමක් නැහැ . පිස්සෙක්. අපාරදේ කාලේ

:       4       11

Bunny Preena Friday, 21 July 2023 03:59 PM

මානසික රෝගියෙක් වත්ද?

:       4       8

පිටිගල මිලානෝ Friday, 21 July 2023 04:05 PM

මෙය වරදක් නොවේ. මානසික ආබාධිත තත්වයකි. මේ මනුස්සයාගේ ජීවිතය විනාශ නොකර වෛද්‍ය ප්‍රථිකාර ගැනීමට උපදෙස් දෙන්න. අපොයි රාළහාමිනේලා දෙන්නා අද වෙන්න ඇති පලවෙනි පාරට දැක්කේ මෙච්චර බයවෙන්න. අනේ යන්න බොරු නැතුව...

:       8       24

ලංකා කොල්ලා Saturday, 22 July 2023 12:41 AM

මිලානෝ කොල්ලෝ එහෙම කියන්න එපා. කලින් දැක්කා කියලා කෑගහන්නේ නැතුව ඉන්න එක හරි නෑනේ... ගැහැණු ළමයිනේ... දැන් කවුරුහරි කොල්ලෙක් කලිසම ගලවලා ඕක අතේ තිබ්බොත් මොකද කියන්නේ...? අනේ කමක් නෑ. මං ඕවා අඳුනනවා කියනවද? නෑනේ...

:       0       1

Nawanjana dSunday, 23 July 2023 12:18 PM

එතකොට ඔයාගේ ගෙදර කෙනෙක්ට ඔහොම පෙන්නලා ගියොත්.... ඔයා පිස්සෙක් කියලා අත අරිනවාද? "ආ කලින් දැකලා තියනවනේ" කියලා නිකන් ඉන්නවාද?

:       0       2

Seeker Sunday, 23 July 2023 12:27 PM

මටත් හිතෙනවා රාලහාමිනේලා දෙන්නා මීට කලින් මේවා සෑහෙන්න දැකලා ඇති. ඒ හාමිනේලා දෙන්නාට දැකලා හොඳයිද බලලා අහක බලන් යන්න තිබ්බේ. එතකොට ඒකට වෙන ඕවා දැකලා නැති ගෑනු ළමයාටයි, ගෑනු මනුස්සයාටයි පාරෙදියි පෙන්නන්න ඉඩ ඇරලා එයාව අල්ලා නොදී ගියා නම් හරි කියලා මට හිතෙනවා. එහෙම හොඳයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site