IMG-LOGO

පොලිස් කොස්තාපල්ට උණුවතුර ප්‍රහාරයක්

(නිමල් ජයරත්න)

දිඹුලාගල පැළෑටියාව ආරාමයකට පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට විමර්ශනය කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට උණුවතුර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා  පොලිස් කොස්තාපල්වරයා පිලිස්සුම් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මනම්පිටිය පොලීසිය කියයි.

දිඹුලාගල පැළෑටියාව සුනේත්‍රාරාම මෙහෙණි ආරාමයේ මෙහෙණින් වහන්සේ විසින් හත්වැනිදා තම ආරාමයට බීමතින් සහ නිරුවතින් පැමිණි දෙදෙනකු පහරදී දේපළවලට බරපතළ හානි සිදුකර ඇති බවට මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව හා ක්‍රියාත්මක වූ පොලිසිය එම සැකකරුවන් අත් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙසේ උණුවතුරෙන් පොලිස් කොස්තාපල්වරයාට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවද පරීක්ෂණයේදී සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ මගුල්දමන පැළෑටියාවේ පදිංචි අවුරුදු 35 සහ 37, වයසේ පසුවන අයියා, මලෝ, දෙදෙනා අත්අඩංගුවට ගෙන 08 වෙනිද සවස මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

 



අදහස් (0)

පොලිස් කොස්තාපල්ට උණුවතුර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site