IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් අණ නොතැකූ යතුරුපැදිකරු ටිපරයේ ගැටී මරුට

( තිස්ස කොටින්කඩුව)

ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් කොළඹ සිට ජාඇල බලා යමින් සිටි ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වැලිගම්පිටිය ජාඇල යන ලිපිනයේ පදිංචි ජයසුරිය කුරණගේ ෂෙනාල් රෙනෝල් පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සදහන් කරයි.

අනතුර සිදුවන අවස්තාවේ යතුරු පැදියේ ආරක්ෂිත හිස්වැසුම් පවා නෙමැතිව තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර යතුරු පැදියේ පසුපස අංක තහඩුවද නොතිබුන බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියාගේද උපදෙස් නොතකා යතුරු පැදිය කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට අපිරික්ෂාකාරි ලෙස දැමීමෙන් කොළඹ සිට ජාඇල බලා ධාවනය වෙමින් සිටි ටිපර් රථයක ගැටී මෙම අනතුරු සිදුවී ඇති බවය.

අනතුර සිදුවීමෙන් අනතුරුව එම ස්ථානයේ කලහාකාරි තත්ත්වයක්ද ඇති විය.අනතුරින් මියගොස් ඇති තරුණයාගේ සොහොයුරකු බව කියන පුද්ගලයෙකු ඇතුලු පිරිසක් මෙම සිදුවීම ඇතිවුයේ පොලිස් නිලධාරියා යතුරු පැදිය නැවත්වීම සදහා යතුරු පැදියට පාපහරක් එල්ල කිරීම නිසා යතුරු පැදිකරුගේ පාලනයෙන් මිදුන යතුරු පැදිය ටිපර් රථයේ ගැටී මෙම අනතුරු සිදු බවට චෝදනා කරමින් ඔවුන් ප්‍රකෝපකාරි ලෙස  හැසුරුන අයුරු දක්නට ලැබුණි.



අදහස් (3)

පොලිස් අණ නොතැකූ යතුරුපැදිකරු ටිපරයේ ගැටී මරුට

රාලහාමි Tuesday, 20 August 2024 07:29 PM

පොලිසියෙන් වාහනයක්, මෝටර්සයිකල් එකක්... නවත්වන්න කීවාම එය ගණන් නොගෙන දිගටම ධාවනය කරන්නේ නීති විරෝධී වැඩ කරන අය... එහෙම එකෙක්ව පයින් ගහලා හෝ වෙඩි තියලා නවත්වා ගතයුතුයි. ඒ වගේ නරුමයින් මේ ලෝකෙට වැඩක්ම නැත..

:       0       0

Nilantha Wednesday, 21 August 2024 06:07 AM

රටේ නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න නිලධාරින් ඉන්නවා.. මොවුන් නීතිය කඩලා නිලධාරීන්ට තග දාලා වැඩ පෙන්නන්න කටයුතු කළා කියලා රූපවාහිනී පුවත් මගින් දැක්කා. එහෙම වුණාම ස්වභාව ධර්මයාගෙන් හරි දඬුවම් ලැබෙනවා කියන්න මේක හොඳ උදාහරණයක් වෙනවා..!

:       0       0

Nimal 1 Wednesday, 21 August 2024 08:13 AM

නීතිය තුට්ටුවකට මායිම් නොකරන මේ අයට මේ වගේ දේවල් තමයි වෙන්නේ... පාරේ යන අහිංසක මිනිස්සුන්ව නොමරා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site