IMG-LOGO

පොලිසිය වරෙන්තුකරුට වෙඩි තබා අල්ලයි

(එම්.සුසිල් පියන්ත, ඩී.ජී.සුගතපාල සහ දීපාල් සිල්වා)

ඌරගස්මංහන්දිය ඇල්කාක දියකඩිත්ත ප්‍රදේශයේදී අද(12) දහවල් පොලීසිය හා වරෙන්තුකරුවකු අතර ඇතිවූ ගැටුමකදී පොලිස් වෙඩි පහරකාගෙනම වරෙන්තුකරු පළා ගොස් ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී පලා ගොස් ඇත්තේ හඹුරුගල තුඩුවෙ පදිංචි  මත් කුඩු චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙක් බව ද පොලීසිය කියයි.

ඌරගස්මංහන්දිය පොලීසියේ නිලධාරීන් දෙදෙනකු යතුරු පැදියකින් ජංගම මුර සචාරයේයෙදී සිටියදී හඹුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලීසියට අවශයව සිටි වරෙන්තුකරුවකු දැක ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරු එක් නිලධාරියකු සමග පොර බදා ඔහු සතු ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා දැරූ අවස්ථාවේදී අනෙක් නිලධාරියා ඔහුට දනෙන් පහලට වෙඩි තබා මෙල්ල කර ගැනීමට උත්සහා දරා ඇති බව ද පොලීසිය කියයි.

පොලිස් නිලධාරියා තැබූ වෙඩි පහර වරෙන්තුකරුගේ එක් පාදයකට වැදී ඇති බවත් වෙඩි කාගෙනම ඔහු පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

 



අදහස් (1)

පොලිසිය වරෙන්තුකරුට වෙඩි තබා අල්ලයි

gamage Monday, 12 June 2023 04:57 PM

පාදයකට වෙඩි වැදුණු වරෙන්තුකරු එම ස්ථානයෙන් පලාගොස් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුලත් විමට ගිය අවස්ථාවේ බද්දේගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුළත් කර ඇත. මේ තුවාල කාරයා පස්සෙන් දුවලා මෙයාව අල්ලාගන්න තරම් හයියක් පොලිසියට තිබුණේ නැද්ද? මාර වැඩක්නේ...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 614 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 250 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site