ආරක්ෂක රාජකාරි සඳහා බුත්තල පැල්වත්ත මං සංදියේ පොලිසිය යොදවා තිබියදීත් එහි කඩ තුනකට සොරුන් පැනීම සම්බන්ධයෙන් එහි රාජකාරි කළ පොලිස් සාමාජිකයන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව බුත්තල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය ඉද්දී සොරු පනී
ශාන් Thursday, 07 November 2013 11:18 PM
ලලිත් කිව්වා වගේ මුළු පොලිසියම දන ගැස්සුවොත් රජයේ වියදමින් පිටරට ගිහින් ජාත්‍යන්තර සම්මේලනයක් නරඹල එන්නත් පුළුවනි. (දී)
ලාල් Thursday, 07 November 2013 11:43 PM
එහෙම තමයි අලුත් ක්‍රමය (දී)
ආරියසේන Thursday, 07 November 2013 11:44 PM
රාත්‍රියේ මුර සංචාරයේ වෙනුවට ගෙදර ගිහින් නිදා ගන්න ඇති, එහෙම නැත්නම් ඔහුන්ගේ අනුදැනුම ඇතිව මෙම හොරකම සිදුවෙන්න ඇති. (දී)
චන්දි Thursday, 07 November 2013 04:43 PM
කට පරිස්සම් කර ගත්තොත් හොඳයි. (ශාන්තට ) (ස)
නුවන් Thursday, 07 November 2013 05:17 PM
මෙයාලා දෙන්නා ඉදලා තියෙන්නේ හොරුන්ගේ ආරක්ෂාවටද? (නි)
අමිළ කටුනායක Thursday, 07 November 2013 01:34 PM
හොරා පොලිස් සෙල්ලමක් ගිහිල්ලා.(නදී)
ලලිත් Thursday, 07 November 2013 06:02 PM
වැඩ තහනම් කරලා වැඩක් නැහැ. මුළු පොලිසියම දණ ගස්සන්න ඕනෑ මහත්තයෝ (නි)
ලොකුගේ Friday, 08 November 2013 04:55 AM
මෙවැනි උසස් පොලිස් නිලධාරීන් ඉන්න එක වටිනවා.මොකද පොඩ්ඩෝ කරන වැඩ හොයන්න කොන්ද පණ ඇති නිළදාරින් අවශ්‍යයි (නි)
සෑම් Thursday, 07 November 2013 02:23 PM
ඕව මොනවද මම සිද්ධි දෙකක් කියන්නම්. භීෂණය කාලයේ පොල්ගස් ඕවිට සමුපකාරයේ මුරකාරයන් බැඳලා දාලා සේප්පුව රාත්‍රියේ හොරු( දේශප්‍රේමීන් ) අරන් ගීයා. උදයේම එහි පැමිණි පොලිසිය සියල්ලම පරීක්ෂා කර හොඳින් තිබෙනවා කියා පොතේ අත්සන් කර ගීයා. මුරකරුගේ කට සහ අතපය බැඳලා මේ කියන පොලිස් පොත තියන තැනට අඩි දහයක්වත් නැති දුරකින් සිටියත් පොලිස් නිලධාරීන් ඔහු දිහා බලන්නේ වත් නැතිව පොත අත්සන් කරලා ගීයා. කොට්ටාව මහල් වරාවේ රජයේ වීවින් එක දේශප්‍රේමීන් කඩලා ගියාමත් උදයේ පොලිසියෙන් ඇවිත් අත්සන් කරලා ගීයා, පොලිසියෙන් පාන්දර කොළඹ බස් එකෙන් ඇවිත් බස් එක වීවින් එක ළඟ නතර කරලා දුවලා ගිහින් පොත අත්සන් කරලා ආපසු බස් එකට නගිනවා. මේවා ඇත්ත සිද්ධීන් (නදී)
උපාලි Thursday, 07 November 2013 02:24 PM
එහෙම හරිද? රාළහාමිලා හිටියේ පාරේ යන හොරු අල්ලන්නනේ. පාර අයිනේ කඩ කැඩුවට ඒ ගොල්ල මොනවා කරන්නද? (ස)
ශාන්ත Thursday, 07 November 2013 02:49 PM
අනේ අපි කොච්ච්ර හොරෙන් යනවද ලයිෂන් නැතුව පාරේ. අල්ලයි අපේ නැට්ට, (නදී)
ගජ මෑන් Thursday, 07 November 2013 03:13 PM
ළඟදි අපේ හඳුනන කට්ටියක් මුරකාරයා ඉදිද්දිත් හොරකමක් වෙලා කියලා කැමරාවක් සවිකළා. සුමානයක් ගියේ නැහැ කැමරාව හොරු අරන් ගිහින්.හුඟ දෙනෙක් කිව්වා මුරකාරයාගෙන්ම අහලා බලන්න කියලා. මොනවා වුණාද දන්නේ නැහැ. (නි)
ජගත් Thursday, 07 November 2013 03:39 PM
දැන් දැන් පොලිසියේ මහත්තුරු කරන හොරා පොලිස් වැඩ දිහා බලපුවම මේකත් ඒ නිලධාරින්ගේම වැඩක් වෙන්න බැරිත් නෑ. (ස)