IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියේ අටකට මාරුවීම්

  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කැරණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනකු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනකුට ලබන 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇතැයි ඇතැයි පොලිස් ආරංචි කියයි. උසස්වීම් ලද මැක්සි ප්‍රොක්ටර් මහතා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයට, රොහාන් ඩයස් මහතා යාපනය දිස්ත්‍රික්කය, ජයන්ත වික්‍රමසිංහ මහතා වව්නියාව දිස්ත්‍රික්කයට, ටී.බී.සම්සුදීන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයට, ගාමිණී මතුරට මහතා ගාල්ල දිස්ත්‍රික්කයට, යූ.කේ.දිසානායක මහතා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට පත්කැර තිබේ.

මෙතෙක් යාපනය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කිත්සිරි ග‍ණේගම මහතා පුත්තලම දිස්ත්‍රික්කයටත්, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ මහේෂ් පෙරේරා මහතා විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිකුත් කළ වාර්තාවක දැක්වේ.



අදහස් (0)

පොලිසියේ අටකට මාරුවීම්

අමිල කටුනායක Sunday, 08 December 2013 06:32 PM

මොනවා වුණත් පොලිසියනේ. ඒ නිසා මට වැඩක් නැහැ (නි)

:       0       0

සත්‍යා Monday, 09 December 2013 06:48 AM

මේකත් එක විදියක ග්‍රහ මාරුවක් වගේ. මුළු ලංකාවටම ඒරාෂ්ටකයක් වගේ. හැබැයි හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වගේ පොලිසියේ අය මාරු කරලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

අචිනි Sunday, 08 December 2013 03:24 PM

හොදට කඩේ ගියොත් උසස්වීම් ස්තීරයි (දිල්)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 04:09 PM

හොද උගත් පොලිස් පොඩ්ඩෝ ඉන්නවා උසස් වීම් ගන්න බැරිව . ඒ අය ගැනත් සොයා බලා කටයුතු කරන්න ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site