IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පොලීසියෙන් රෝහලට බාරදුන් සැකකරු මිය ගිහින්

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ , නිවෙසට ඇතුළුවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාරදුන්  බව කියන පුද්ගලයකු වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී අසාධ්‍යව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇතුළු 20 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පෞද්ගලික රෝහලක සාත්තු සේවය පිළිබදව ප්‍රායෝගික පාඨමාලාවක් කරමින් සිටි සත්සර නිමේෂ් නැමැති බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි  අයෙකි.

මියගිය පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා නිරූපණ ශිල්පියකු, නර්ථන ශිල්පියකු සහ රෝහල් සාත්තු සේවය පිළිබදව පාඨමාලාවක් හදරමින් සිට ඇති අතර ඔහු නාරාහේන්පිට ප්‍ර දේශයේ පෞද්ගලික රෝහලක සාත්තු සේවයකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා ඉකුත් (1) දා රාත්‍රීයේ වැලිකඩ ප්‍රදේශයේදී නිවෙසකට ඇතුළුවී සිට ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා පොලිසියට බාරදී තිබුණි.

 



අදහස් (3)

පොලීසියෙන් රෝහලට බාරදුන් සැකකරු මිය ගිහින්

ගුණරත්න Thursday, 03 April 2025 03:29 PM

පොලීසියේදී ඉතින් රට ඉඳි කාල තේකක් බීලා ලෝකප් එකේ වද්දී වෙලා ඉන්දෙද්දී රට ඉඳි ඇටයක් ඉස්පොල්ලේ ගිහින් වෙන්ටැති. ඔහොම වේලාවට් හදීසි ප්‍රථමාධාර දෙන විදිහ ගැනත් පාඨමාලාවක් කලොත් හොඳා, පොලීසියේ මහත්තුරු බංකුවක් ඇරගෙන ඇමතිතුමාගෙන් ඒකත් ඉගෙන ගන්න.

:       22       14

ජිල්බු Friday, 04 April 2025 09:35 AM

කූඩුවේ ඉඳිද්දී සිරුර බිත්තියේ, යකඩ කූරුවල හප්පගෙන තමාලු අමාරුවෙලා තියෙන්නේ. ඒ ක්‍රමේ අර හිටපු ලොක්කටත් කවුරුහරි කියල දුන්නනම් ජාතික ධනය ඉතුරු වෙනවා.

:       0       14

prasanna Friday, 04 April 2025 03:50 PM

වැලිගම මිනීමැරුමට වගකියන්න ඕන දේශබන්දු නම්... මේකට වගකියන්න ඕනෑ ඉන්දියාවේ පොලිස්පතිද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1640 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 645 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site