IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොලිසියට ප්‍රහාරයක් පහක් රෝහලට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක්  සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක්  පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු රඳවා තබා ගෙන ඔහුට පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත උයිල්න්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා ඇත.

එම අවස්ථාවේ නිවසේ සිටි පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් දිගට හරහට පහර දීම නිසා පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලැබූ බව මන්නාරම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොලිස් නිලධාරීන් පස් දෙනකුට පහර දී තුවාල සිදු කර පළාගිය පිය පුතු දෙදෙනා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (6)

පොලිසියට ප්‍රහාරයක් පහක් රෝහලට

prasanna Monday, 26 June 2023 07:44 AM

පුදුම පොලිසියක් .ආයුධ නැතුව ගිහිල්ලා ඕවා කරන්න පුලුවන්ද මේ ලංකාවේ

:       0       4

Bamunuarachchi Monday, 26 June 2023 07:49 AM

මරියකඩේ පැත්තේ ගහනුත් ගහන එකේ තාත්තා පුතෙකුගෙන් පහර කාපු එක නම්බුයි නේද?

:       0       1

kotiyaa Monday, 26 June 2023 08:39 AM

ඊයා ඕයි. දෙන්නෙක් එකතු වෙලා පස් දෙනෙකුට ඉස්පිරිතාලේ ඉන්න ගහලා පැනලත් ගිහිල්ලා. සිද්ධිය නිව්ස් වලටත් දාලා. පොලිසියේ උන් ගවුම්ද දන් නෑ ඇදන් ගිහින් තියෙන්නේ.

:       0       5

කිරි පුතා Monday, 26 June 2023 09:36 AM

ත්‍රස්තවාදී ගති තාම ති⁣යෙනව. පාඩමක් ඉගෙන ගනීවි යැයි සිතමු. ඔය පැත්තෙ උසාවි දැම්මොත් නම් හොරාගෙ අම්මගෙන් පේන බැලුව වගේ තියෙයි.

:       1       4

නිහාල් Monday, 26 June 2023 11:48 AM

දේශබන්ධු ගේමු

:       0       2

Ralahami Monday, 26 June 2023 03:06 PM

මහින්ද මාත්තියෝ මෙන්න ආයේ පටන් ගන්නයි යන්නේ. ඔබතුමා නැති පාඩුව අපිට තදින්දැනෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site