(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
පැමිණිල්ලකට අදාළව ඉංගිරිය පොලිසියට රැගෙන ආ පුද්ගලයකු හදිසියේ රෝගාතුර ව ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (17) රාත්‍රී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පමණ වජිර නමැති පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරු සමඟ ලිපි ලේඛන කීපයක් සම්බන්ධයෙන් බහින්බස් වී ඇති අතර එහිදී ඔහු ව්‍යාපාරිකයන්ට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ දරා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ව්‍යාපාරිකා එම ස්ථානයෙන් උපක්‍රමශීලීව පසුබැස ගොස් ඇති අතර මියගිය පුද්ගලයාට ව්‍යාපාරික ස්ථානයේ මෝටරයක් ගලවාගෙන බෑගයක් තුළ දමා ගෙන ගෙනයාමට සූදානම් ව සිටියදී ඔහුට නින්ද ගොස් තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අනතුරුව ඊයේ (17) ව්‍යාපාරිකයා සිය සේවා ස්ථානය වෙත පැමිණීමේ දී පුද්ගලයා සතු බෑගයක් තුළ ව්‍යාපාරික ස්ථානයේ මෝටරයක් ගලවා දමා ගෙන තිබෙන අයුරු දැක ඇති අතර මියගිය පුද්ගලයා ඒ වන විටත් නින්දේ පසු වී ඇතැයි ද දැනගන්නට ඇත.
අනතුරු ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර අධිකරණයට යාමට අවශ්‍ය නොවන බවත් ඔහු කැඳවා ඉදිරියට එලෙස නොහැසිරෙන අවවාද කරන ලෙස කරන ලද පැමිණිල්ලක් අනුව එම පුද්ගලයා පොලීසියට ගෙනැවිත් සිරමැදිරිය අසල බැංකුවක් මත වාඩි කර තිබියදී උදරාබාධයකින් පෙළෙන බවට කළ දැනුම්දීමක් අනුව වැසිකිලිය වෙත ද රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොලිසියට ගෙනා සැකකරු ලෙඩ වී මරුට