අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස්පති හෝ පොලිස් නිලධාරියකුට නියම කළ විට ඊට ගරු කරමින් අභියාචනාධිකරණය පොලිස්පතිට අවවාද කරමින් අද (16) නියෝග කළේය.
නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අභියාචනාධිකරණය හමුවෙහි පෙනී සිටි අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා මෙම නියෝගය කළේය.
පොලිස් නිලධාරියකුට එරෙහි විනය පරීක්ෂණයක් ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට සිව් වතාවක් නොතීසි නිකුත් කර තිබියදීත් පොලිස්පති හෝ ඔහුගේ නියෝජිතයකු අධිකරණයට නොපැමිණි නිසා එම අවස්ථා හතරේදීම පෙත්සම කල්ගිය බව විනිසුරු මෙහිදී පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පතිට උසාවියෙන් අවවාද
යසරත්න Friday, 16 October 2015 12:55 PM
අධිකරණ නියෝග වලට කවුරුත් යටයි (නි)
සංජය Friday, 16 October 2015 01:23 PM
නීතිය කාටත් එක හා සමානයි. පොඩි මිනිහෙක් ආවේ නැත්නම් විතරක් ක්‍රියාත්මකවෙලා හරියන්නෙ නැහැනේ (නි)
ඉෂාර Friday, 16 October 2015 01:39 PM
නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව දැන් අපිට පෙනෙනවා (නි)
ජනක Friday, 16 October 2015 02:01 PM
දඩුවමක් දුන්නනම් තමා වැදගත් ...(අ)
සිරිසේන Saturday, 17 October 2015 02:32 AM
ඒ කියන්නේ පොලිසියේ අර කලින් තිබුණු මානසිකත්වය තාම වෙනස් කරගන්න බැරුවද ඉන්නේ? (නි)
ජයනාත් Friday, 16 October 2015 02:56 PM
නීතිය ඉදිරියේ සැවොම එක සමානයි. (ර)
උපාලි Saturday, 17 October 2015 04:12 AM
මන් හිතන්නේ නම් මෙතෙක් හිටි හොඳම පොලිස්පති මෙතුමායි. එත් ඉතින් යටතේ ඉන්න කට්ටිය පාලනය කරගන්න බැරි වුනොත් නම් අවනම්බුව ලැබෙන්නෙත් එතුමාටමයි. (ර)
විජිත් Friday, 16 October 2015 04:17 PM
නීතිය කාටත් සමානයි. (නි)
විජිත Friday, 16 October 2015 04:31 PM
අපි එහෙම මෙහෙම කළා නම් කොහොම තියෙයිද? (නි)
ගයාන් Saturday, 17 October 2015 08:03 AM
ගොඩක් අය කියල තියෙනවා නීතිය හැමට සමානයි කියලා. (ර)
නන්දලාල්-ප්‍රංශය Friday, 16 October 2015 09:33 PM
පිත්තල බොත්තම් අල්ලපු නිල ඇඳුම් අඳින සමහරු හිතනවා එයාලා අනිත් අයට වඩා උසස්, උගත් මනුෂ්‍ය කොට්ඨාශයක් කියලා. ඕකනේ ප්‍රශ්නේ ..... (නි)
නන්ද Friday, 16 October 2015 12:37 PM
පොලීසිය කියන්නනේ නීතිය ක්‍රියාත්මක කරන තැන. (නි)