IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පොලිස්පතිගේ නම විකුණා ස්ටිකර් ඇලවූ සිද්ධිය ගැන පරීක්ෂණ

(රංජිත් රාජපක්ෂ)

පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බව පවසමින් හැටන් නගරයේ  පසුගියදා ති‍්‍රරෝද රථවල පොලිස් බල ප‍්‍රදේශය සඳහන් කරමින් කිසියම් පිරිසක්  ස්ටිකර් ඇලවිම සම්බන්ධයෙන්  නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.

එම ස්ටිකර් ඇලවිම සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගණනාවකින්ම තොරතුරු අනාවරණය කිරිමෙන් පසුව මෙම පරික්‍ෂණය ආරම්භ කර ඇති අතර මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් නගරයේ ති‍්‍රරෝද රථ රියදුරන්ගෙන් හා හැටන් පොලිසියේ නිලධාරින් කිහිප දෙනකුගෙන් මේ වන විට ප‍්‍රකාශ  සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් 18වැනිදා පස්වරුවේ හැටන් නගරයේ ඩන්බාර් විදියේ ති‍්‍රරෝද රථ ගාලට පැමිණි තරුණයන් දෙදෙනෙකු ති‍්‍රරෝද රථ හිමියන්ට ස්ටිකර් දෙකක් ලබා දි විශේෂ ආකෘති පත‍්‍රයක් පුරවාගෙන එම ස්ටිකර් ති‍්‍රරෝද රථයේ ඉදරිපස සහ පසුපස අලවා එම ස්ටිකර් වෙනුවෙන් රුපියල් 150ක් ද ලබාගෙන තිබුණී. 

ජනරජ ලාංජනයට සමානව සකස් කර ඇති මෙම ස්ටිකරයේ පොලිස් බල ප‍්‍රදේශයේ නම, ලියාපදිංචි ස්ටිකරයේ අංකය, පොලිස් ස්ථානයේ දුරකථන අංකය, පොලිස් කොට්ඨාසය, හදිසි  ඇමතුම් අංක 119-118 මධ්‍යම පළාත යනුවෙන් ති‍්‍රත්ව භාෂාවෙන්ම යොදා සකස් කර ඇත.

ති‍්‍රරෝද රථ හිමියන් වෙත ගිය මෙම සැකකරුවන් දෙදෙනා ඔවුන් දැනුවත් කරමින් පවසා ඇත්තේ තමන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ති‍්‍රරෝද රථ සහ පාසල් ප‍්‍රවහාන වෑන් රථ සහ බස් රථ හදුනා ගැනිම සදහා පොලිස්පතිවරයාගේ අනුදැනුම මත දිවයින පුරා පොලිස් ස්ථාන බල ප‍්‍රදේශවල මෙම ස්ටිකරය අලවා ඇති බවයි.

එම ස්ටිකර් ඇලවු පුද්ගලයින් විසින් පොලිස්පතිවරයා සමග එක්ව ගත් ජායාරූපයක් ද ති‍්‍රරෝද රථ රියදුරන්ට පෙන්වා ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් මේ මාසයේ දී හැටන් පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකම ති‍්‍රරෝද රථ සහ පාසල් සේවා රථ වල මෙසේ ස්ටිකර් අලවා මුදල් උපයා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත. එසේ සිටිකර් ඇලවිම සදහා සැකකරුවන් දෙදෙනාට අවසර ලබා දෙන ලෙස අදාල පොලිස් ස්ථාන වෙත හැටන් පොලිස් කොට්ඨාසයේ නිලධාරියකුගෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දි තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. 



අදහස් (2)

පොලිස්පතිගේ නම විකුණා ස්ටිකර් ඇලවූ සිද්ධිය ගැන පරීක්ෂණ

Raveendra Friday, 24 November 2017 07:38 AM

ලංකාවේ සෑම නගරයක මෙන්ම හැටන් නගරයේත් රාත්‍රියට මෙන් දහවල් කාලයේත් හොල්මන් සැරිසරන බව අප සියල්ලෝම දන්නවා නොවැ... එසේ මෙය හොල්මන්වලින් අලවන්නට ඇත. නොඑසේනම් අඟහරු ලෝකෙනුත් අප රටට නිතර යන එන උන්දැ කෙනෙක් අලවන්න ඇති.

:       0       17

wedage Friday, 24 November 2017 10:07 AM

විකුණන්න නමක් තියෙනවද අප්පා?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1599 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site