IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

(ගයාන් සූරියආරච්චි)

පොලිසිය  අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය විවිධ අවස්ථාවලදී පොලිස්පති චක්‍රලේඛ මගින් නිලධාරීන්ට උපදෙස් ලබා ඇති බවද සඳහන්වේ.

මෙම තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කර මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවද පැවසේ.

 



අදහස් (10)

පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

Sam Friday, 12 July 2024 10:37 PM

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න 2022-2-14 ඔය සම්බන්ධව යවපු නීත්‍යානුකූල චක්‍රලේඛ තිබියදි තවත් එම කාරණයටම චක්‍රලේඛ යවන්නේ පිස්සුද? හරි නම් කරන්න ඕන කලින් තිබ්බ චක්‍රලේඛයට අනුව දඬුවම් කිරිම නොවේද? තවත් වැඩ බැරි දාසයෙක් පොලිස්පති වෙලා. මිනිස්සුන්ට අබ සරණ තමයි ඉතින්...!

:       1       54

LasanthiSaturday, 13 July 2024 06:08 AM

සෑම් (Sam) හරි චක්‍රලේඛ තියෙනවා නම් කරන්න තියෙන්නෙ ඒ ගැන සැමගේ අවධානයට යොමුකිරීම මිස අලුතින් චක්‍රලේඛ නිකුත්කිරීම නොවෙයි. ගෝඨාභය කාලයේ සමහරක් නිළධාරි චක්‍රලේඛ නිකුත්කරන්න කිව්වෙ අවශ්‍ය චක්‍රලේඛ තියෙද්දි. ඒවා සෙවීමට කම්මැලි නිසා කියලා තේරෙනවා

:       1       3

Hafiz Friday, 12 July 2024 10:39 PM

ඩ්‍රාමා බන්දු...

:       2       40

ජගත් ලියනගේ Friday, 12 July 2024 11:26 PM

තවත් විකට ජවනිකාව්‍ක්.

:       0       3

Don perea Saturday, 13 July 2024 02:23 AM

පිස්සෝ රජ උනහම හැම එකාම පිස්සු කෙලිනවා

:       1       3

SK Saturday, 13 July 2024 07:39 AM

පොලිසියෙන්ම මාධ්‍යට දානවා

:       0       2

sachith Saturday, 13 July 2024 08:56 AM

සිද්ධාලේප බන්දු දැන් චක්‍රලේඛ බඳු වෙලා

:       1       4

fairoos Saturday, 13 July 2024 01:48 PM

මෙහෙමත් නාට්‍යයක්...!

:       0       2

Sam Saturday, 13 July 2024 06:16 PM

යන්නේ කොහේද මල්ලේ පොල්. ඔබ වැනි අයට කියලා තියන දේ තේරුම් ගන්න බැරි නිසා තමයි අද මේ රටට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ. සාක්ශරතාව සහ අවබෝධය කියන්නේ දෙකක්. දෙයක් තේරුම් ගන්න බැරි වීම අවාසනාවක්..

:       0       2

Swene Haputhantirige Sunday, 14 July 2024 07:02 AM

චක්‍රලේඛ තියෙනව නම්, ඒවාට පටහැනිව කටයුතුකළ අයට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නවා විනා, මාධ්‍යයට අලුත් නිවේදන අවශ්‍ය නැහැ. ඔය වැඩ වලින්, චක්‍රලේඛ උල්ලංඝනය කල අය මෙයා ගේම ගෝලයෙක් වන බව ඉඟි පලවනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site