මාතලේ පල්ලේපොල රෝහලේ ඉදිකළ ගොඩනැගිල්ල හා තවත් ගොඩනැගිලි හතරක් වසර 16 ක් පුරා පාචිච්චි නොකර කැලේ ට ගොස් ඇතැයි ප්‍රදේශවාසිහු කියති. දැනට වවුල්ලු එහි නේවාසිකයෝ වී සිටිති.
මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන මේ රෝහලේ ගොඩනැගිලි පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශාන්තිනි සමරසිංහ පැවසූවේ තමන් සේවයට ඉන්නට පෙර සිටම මේ තත්ත්වය පැවැති බවයි. මේ පිළිබඳව ලිපි ගොනුවක් හෝ සොයා ගන්නට නැති බවයි. එම රෝහලේ ස්ථාන භාර දොස්තර දිලානි කරුණාසේන මහත්මිය කීවේ මේ පිළිබඳව සියළු දෙනා දැනුවත් කර තිබෙන බවයි.
ජනතාව කියා සිටියේ ජනතා මුදල් විනාශයක් පමණක් සිදු වී ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
'පල්ලේපොල රෝහලේ වවුල් වාට්ටුවක්'
පෙරේරා Thursday, 23 June 2016 06:36 AM
ලංකාවේ කිසිම අයහපත් දෙයකට වගකීමක් බාරගන්න කවුරුත් නැති ක්‍රමවේදයේ තවත් නිදසුනක්. (නි)
අයිරාංගනී Thursday, 23 June 2016 07:35 AM
රටපුරාම මේ වගේ කැලේට ගිය ගොඩනැගිලි කොයිතරම් තියෙනවද? මම දැක්කා ඇඹිලිපිටියෙ ගම්උදාවෙ තිබූනු ගෙවල්වල ලොකු ගස් පැලවෙලා තියෙනවා. මොන ආණ්ඩුව ආවත් මහජනතාවගේ මුදල් නාස්ති කරන එක විතරයි කරන්නේ. මේවා ගැන සොයා බලා වාර්තා කිරිම ගැන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා (නි)
ඉසුරන්දි Thursday, 23 June 2016 07:36 AM
මේ ප්‍රදේශයට දේශපාලකයෙක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් එහෙම නැතුව ඇති. ඒකයි මේ සම්පත් වනවැදිලා තියෙන්නේ. (නි)
නිලංගි Friday, 24 June 2016 05:58 AM
මොනතරම් ජාතික අපරාධද මේ? (නි)
සනත් Thursday, 23 June 2016 08:21 AM
පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂික තුමිය අවුරුදු 10 ක් ඔය පුටුවේ වැජබෙනවා ඔවුනත් තමන් යටතේ තියෙන රෝහල් ගැන තාමත් අවබෝධ කරගෙන නැහැ (ම)
උපාලි Thursday, 23 June 2016 08:33 AM
මේක පළාත් සභාවේ රෝහලක්. ඒ ගොල්ලන්ට වැඩ ඇති. අනික වවුල්ලු එලව එලව ඉන්ඩද පළාත් සභාවට ගියේ. නෑ මහජන සේවයට. (ර)
සිරි Thursday, 23 June 2016 07:59 PM
මේවායේ වගකීම් ගන්න කවුරුත් නැහැ. ඔක්කොම "වවුලගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටු"කියන සංකල්පනාවෙයි ඉන්නේ (නි)