
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්‍රිතයින් 37දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව හමුදා කඳවුරට රැගෙන ගියහ.
පැල්මඩුල්ල නාරංගොඩ පිහිටි මෙම නිලධාරීයාගේ නිවෙසේ සාමාජිකයින් ද එම ප්‍රදේශයේ තවත් නිවාස හතරක සාමාජිකයින් ද පැල්මඩුල්ල ඉදිකැටිය, බත්දංගොඩ, කාමරංගපිටිය සහ කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේ පිරිසක් ද දියතලාව හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත. කන්දකාඩු නිලධාරියාගේ බිරිඳගේ නිවෙස පිහිටි කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු ද පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 25 දෙනෙක් ද සමග මෙම 37 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වෙති. කුඩා ළමුන් 8දෙනෙක් ද ඒ අතර සිටිති.
පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ජි .එල්.අනුර සහ කේ. පතිරණ මහත්වරු මෙම පිරිස දියතලාව හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ඨානය වෙත රැගෙන යෑමේ කටයුතු අධීක්ෂණය කළහ.
කන්දකාඩු සිට නිවාඩුවට පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ නිවෙසට පැමිණි මෙම නිලධාරියා සමීපව ඇසුරු කළ මෙම කණ්ඩායම දියතලාවේදි පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. එහි ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම නිලධාරීයා එහි ගොස් භාණ්ඩ මිලදී ගත් බව තහවුරු වීමත් සමඟ පැල්මඩුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක්ද තාවකාලිකව වසා දමා ඇත.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනයට දියතලා කඳවුරට