IMG-LOGO

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයන්: සුනාමි තත්වයක් එයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් අද (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත.

භූමි කම්පාව හට ගැනීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මීටර් 3 ක් තරම් ඉහළ සුනාමි රළ ඇති විය හැකි බවත් එම තත්ත්වය පැය කිහිපයක් පැවතිය හැකි බවත් පිලිපීන භූ කම්පන ඒජන්සිය වූ පිවොල්ක්ස් ප්‍රකාශ කළේය.

භූමිකම්පාව හටගැනීමත් සමඟ නිරිතදිග ජපාන වෙරළ තීරය ආසන්නයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව සහ මින්ඩනාඕ දූපතේ භූමි කම්පාව ඇති වූ ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ජපාන සහ පිලිපීන බලධාරීන් කටයුතු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියද සුනාමියක් ඇති විය හැකි බවත් මීටර් 3 දක්වා උස සුනාමි රළ ඇති විය හැකි බවත් අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.

භූමි කාම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳ තවම නිසි තොරතුරක් ලැබී නොමැති බව පිලිපීන බලධාරීන් පැවැසුවේය.

 



අදහස් (0)

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයන්: සුනාමි තත්වයක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site