IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාලන මිලට ඩඩ්ලිගෙන් සහල්

(යොහාන් බාසුර)

රජයේ පාලන මිලට හෙට සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද සවස පැවැසීය.

ඉන්ධන ගැටළු සහ ඇසුරුම්මිල ඉහළ ගිය ද රජය විසින් පනවා ඇති මිල ගනන් යටතේ හෙට සිට සහල් නිකුත් කරන බවත් අනෙකුත් සහලා නිෂ්පාදකයන්ගෙන් ද එම මිලට සහල් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව නාඩු  සහල් කිලෝව රුපියල් 220 ද,සම්බා කිලෝව රුපියල් 230   සහ කීරි සම්බා කිලෝව රුපියල් 260 වෙළෙඳ පොලට නිකුත් කරන බව ද ඩඩ්ලි සිරිසෙන මහතා කියා සිටියේය.

මෙම සහල් බෙදීම සඳහා ඩීසල් අවශ්‍ය බවත් ඒ සඳහා රජය මැදිහත්විය යුතු බව ද පැවැසීය.

මේ වන විට සහල් මෝල් අටේ සහල් මෙට්ට්‍රිට් ටෝන් ලක්ෂ ලක්ෂ 2,50,000 - 3,00,0000 අතර ප්‍රමාණයක් තියෙන බවත් සල්ලි කාර ගෝවීන් අසල තිබෙන සහල් සමග සහල් මෙට්ට්‍රික් ටෝන් ලක්ෂ පහක් පමණ සොයාගත හැකි බව ද කියා සිටියේ. මාස තුනකට සහල් පාලනය කිරීමේ බලය ජනතාවට බාර දෙන බවද කියා සිටියේය.

මාස තුනක් යන තෙක් කෑම වේල් අඩු කිරීම නොව කන ප්‍රමාණය අඩුකරමු යැයි ද කියා සිටියෙය.

 



අදහස් (10)

පාලන මිලට ඩඩ්ලිගෙන් සහල්

Prabha Saturday, 18 June 2022 11:14 PM

පැරැණි මිලට ගත් වී ඔය මිලට විකුණන අදහසත් නරක නෑ.

:       0       7

dodamepegamage Sunday, 19 June 2022 05:35 AM

60ට ගත්තු වී මාස තුනක් නාඩු 220/- සම්බා 230/- කීරි සම්බා 260/- ගානේ මාස තුනක් දුන්නාම ඩඩ්ලි කොළඹත් අරලිය හෝටල් 3ක් හදාවි... නුවර එළියේ වගේ... !

:       0       12

pakeer Sunday, 19 June 2022 06:45 AM

කලිසම් ඇඳගෙනද කියන්නේ, කන එක අඩුකරන්න කියලා..?

:       0       9

JAYATH Sunday, 19 June 2022 07:04 AM

ඩඩ්ලි ශ්‍රීමතාණන් එකේ පාරටම සිරිසඟබෝ වෙලා අනේ සාදු - අනේ සාදු !!! මෙහෙම ගියොත් මුන්නැහේ සබ්බ සකල මනාවම දන් දීලා වනගත වේවිද කියලා මට බයයි අනේ දෙවියනේ එහෙම දෙයක් නම් හීනෙන් වත් හිතන්න එපා මොකද ඔබතුමා නැති කලක මේ රටේ මිනිස්සු හාල් කන්නේ කොහොමද? (මම මේක කොටන කොට අපේ ගෙදර ඉන්න කට කැඩිච්ච වාචාල කොලුවා කියනවා පාලන මිල හින්දා වැඩිමිලට විකුණන්න බැරිව හංගගෙන ඉඳලා ගුල්ලෝ ගහලා වැඩක් නැති වෙන හින්දා ඔය දේ කරන්නේ කියල, ඔබතුමා ඕවා ගණන් ගන්න එපා ඔය වගේ ඔවුන් ඉන්නවා නොව බෝ පැලයක් වගේ හිටපු ඔබතුමාගේ අයියාට මොවුන් කියපු දේවල් මතක නොවැ !!!...

:       0       14

ජගත් ලියනගේ Sunday, 19 June 2022 10:35 AM

හරියට නිකං තාමත් කිරි බොන පූස් පැටියෙක් වගේමයි.

:       0       15

SISILSunday, 19 June 2022 03:36 PM

ආහාර අර්බුදයට විසඳුම් ගෙනෙන ගොවිතැන දන්නා, ගණිතය දන්නා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කෘෂි ඇමැති කරමු..

:       3       5

සම්බාගුනේ Sunday, 19 June 2022 11:10 AM

මේ තමයි අපේ රටේ සදාකාලික කෘෂිකර්ම ඇමති, පාරිභෝගික හා වෙළඳ ඇමැති, වෙන ඇමතියන් මොකටද? මෙයාගේ තීරණ විතරයි රිවස් වෙන්නේ නැත්තේ. මෙයාටම වැඩේ බාරදුන්නා නම් ඇමතියන් නඩත්තු කරන මහජන මුදල් ඉතුරුයි.

:       2       13

fairoos Sunday, 19 June 2022 12:31 PM

තවත් රට කන විරුවෙක්...

:       0       15

Gamarala Sunday, 19 June 2022 02:36 PM

රජයේ පාලන මිල හොඳටම වැඩියි. එනිසයි මෙයා එම මිලට කැමැති..

:       0       9

Saman Sunday, 19 June 2022 06:57 PM

අරගලේ මෙයාගේ ගෙවල් පැත්තේ තියන්නේ නැත්තේ ඇයි?. NGO සල්ලි දෙන්නේ නැද්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site