IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලොන්නරුව සියයට 65

(නිමල් ජයරත්න)

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට  සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර  ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය,යන ආසන තුනේ, ඡන්ද මධ්‍යස්ථාන 292 කදි, ඡන්ද දායකයන් තුන්ලක්‍ෂ පනස් එක්දාස් තුන්සිය දෙදෙනකු 3,51,302 ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබිණි.

මෙතෙක් ඡන්දය ප්‍රකාශ කරන කාලය තුළ දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රචණ්ඩයක් ක්‍රියාවක් සිදු වී නොමැති බවත්, පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකරන බවත්, තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සවස 4.15 ට පමණ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඒකනායක මහතා කීවේය.

ඡන්ද ගණන් කිරීමේදි තැපැල් ඡන්ද ගණන් කිරීමට ශාලා පහළොවක් සහ, සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමට ශාලා තිස්තුනක් සූදානම් කර තිබෙන බවද ඒකනායක මහතා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (0)

පොලොන්නරුව සියයට 65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site