IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී

(චාපා මධුභාෂිණී,නිමල් ජයරත්න සහ ක.ග.කරුණාරත්න)

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි.

ඒ් අනුව පොලොන්නරුව මහ රොහල, මූලික රෝහල් 3ක් සහ ප්‍රාදේශීය රෝහල් 9ක් මේවන විට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.

මේ අනුව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පාලනය වනු ලබන රෝහල් වන මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ  රෝහල් විශාල සංඛාවක සේවය කරනු ලබන රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීම සදහා මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හල නම් කර ඇත.

ඒ් අනුව රෝහල් සේවකයන් විශාල පිරිසක් මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හල් පොල්ලිමේ රැදී සිටිනු දක්නට ඇත.

මැදිරිගිරිය අවට ප්‍ර‌දේශවාසීන් ඊට පළකළ දැඩි විරෝධතාවය හේතුවෙන්  ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ සාමාන්‍ය ජනතාව තවමත් සිය වාහන සමග පොලිම්හි නවතා ඇත.

මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ, වැලිකන්ද,  මනම්පිටිය ආදී රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු මේ වන විට නතර වී ඇත.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයටද පැමිණීම අත්හිටුවා ඇත.

 

 

 

 



අදහස් (1)

පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී

fairoos Sunday, 17 July 2022 03:08 PM

අරගලයේදී විනාශවුණු පොහොට්ටුවේ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න කළින් මේවා ගැන බැලුවොත් හොඳයිනේ... අපේ වැඩබලන ජනාධිපතිතුමනි...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 99 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 335 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
2025 මැයි මස 14 127 0

දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා
2025 මැයි මස 14 849 0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.


තැනින් තැන අදත් වැසි
2025 මැයි මස 14 51 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර


හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 1129 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1324 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1558 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 404 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site