
( කුෂාන් ජයවර්ධන)
හබරණ ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.
හබරණ දුම්රියපොල ආසන්න ප්‍රෙද්ශයකදි ඊයේ(28) රාත්‍රීයේ මෙම වන අලියා දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව මින්නේරිය වනජීවි නිලධාරීහු පවසති.
මියගොස් ඇති වන අලියා මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සැරිසරමින් සිටි වයස අවුරුදු 05ක් පමණ වන එකෙකු බවට ද, මෙම වන අලියා මින්නේරිය වනෝද්‍යානයේ සිට කවුඩුල්ල වනෝද්‍යාය බලා දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී මෙලෙස දුම්රියේ ගැටී අනතුරට පත්වන්නට ඇතැයිද වනජීවී නිලධාරීහු අනුමාන කරති.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පුලතිසිට‘අලියෙක් බිලි වෙයි