IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොල්ගහවෙල ගමන රාගමින් නවතී

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය රාගමදී අතරමග නතරවීමෙන් මගීහු රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.

පැයක පමණ කාලයක් දුම්රිය නතරවී තිබූ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ගමනාන්තය කරා ළඟාවීමට නොහැකි බව දුම්රිය පාලනාධිකාරිය පවසයි.

රැකියා නිමවීමෙන් පසු නිවෙස් කරා යමින් සිටි මගීන් විශාල ප්‍රමාණයක් මෙහි සිටි බව කියති.

 



අදහස් (0)

පොල්ගහවෙල ගමන රාගමින් නවතී

බටුවත්තේ නිධන් ලක්ෂ්මන් Friday, 13 November 2015 03:49 AM

ඇත්තටම මේ දුම්රිය ගමන මහම මහා එපාවෙලා. මේ වෙලාවට යන දුම්රියේ ගමන් කරන මගීන් ප්‍රමාණයට සාපේක්ෂව දුම්රියේ ඉඩ පහසුකම් හොඳටෝම මදි(ම)

:       0       0

පුදූ Friday, 13 November 2015 05:04 AM

ගොඩක් වෙලාවට වන දයක් මේක. හලාවත මාර්ගයත් හැමදාම ලෙඩ. එ්ත් තවමත් විසදුම් නැහැ. (ස)

:       0       0

කමල් Thursday, 12 November 2015 02:09 PM

අනේ දෙවියනේ, දැන් මේ මිනිස්සු ගෙවල් වලට යන්නේ කොහොමද? (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 13 November 2015 06:23 AM

මෙහෙම දුම්රිය නතරවුණාම දහදිය දාලම එපාවෙනවා. (නි)

:       0       0

රුසිරු Friday, 13 November 2015 06:41 AM

ඇත්තටම සමුද්‍ර දේවි, සාගරිකා, රුහුණු කුමාරි, වෙලාවටම යනවා . දකුණු දිග දුම්රිය මාර්ගය හොඳයි. (ස)

:       0       0

ලලින්ද්‍ර Friday, 13 November 2015 07:34 AM

මේකේ වැඩකරන මිනිස්සු දක්ෂ ලෙස ඒ කාර්යයන් කරන්න ඕනෑ. මේවා හොයලා බලලා හරියට කළයුතුයි නේද? (නි)

:       0       0

සුලෝචන Friday, 13 November 2015 08:11 AM

පුදුම වෙන්න දෙයක් නැහැ. ඕක ඉතින් ලංකාවේ සාමාන්‍ය දෙයක්නේ. (නි)

:       0       0

පුෂ්ප Thursday, 12 November 2015 05:25 PM

දැන්වත් පම්පෝරි කියවීම නවතා අපේ පරණ කෝච්චි පාරවල් ටිකවත් සම්පුර්ණයෙන් හදා පිළිවෙලක් කළොත් නේද වැදගත්? (නි)

:       0       0

දිලිප් Thursday, 12 November 2015 11:54 PM

එන්ජින් නඩත්තුව නිසිපරිදි කරන්නේ නම්, හා ඒවා මිලට ගැනීමේදී පුද්ගලික පරමාර්ථ පසෙකලා රටට හා රටේ පරිසරයට ගැළපෙන ඒවා මිලට ගැනීමට කටයුතු කළා නම් මෙවැනි කරදර වලට මඟීන් පත්නොවන්නට ඉඩ තිබුණි. (නි)

:       0       0

රොකී Friday, 13 November 2015 01:25 AM

ඉවසලා ඉන්න. ඉන්දියාවෙන් ණයට කෝච්චි ගෙන්වන්නත් , කෝච්චි පාරවල් හදන්න ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්නත් සිරිපාල ඇමති තුමා තීරණේ කොරලා තියනවලු. කවුරු විරුද්ධ වුනත් වැඩේ කරනවාමලු කියලයි කියන්නේ..වැඩි ගානක් හරි ගෙවලා බාල බඩු හරි නයට ගෙනල්ලා මගීන්ගේ පුරශ්ණ විසඳනවා නම් එච්චරයිනෙ!ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්නපුවාම අපේ කම්කරුවන්ට පුළුවනි උන් වැඩ කරන හැටි බල බලා විනෝද වෙන්න.(රේ)

:       0       0

යසපාල Friday, 13 November 2015 02:23 AM

මිනිස්සු පුදුම විදිහට රස්තියාදු වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site