IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘පෝර සල්ලි ගොවියාට’

සහනාධාර පොහොර  වෙනුවට  ලබන වසරේ සිට එම මුදල ගොවියාට  ලබාදිමට  රජය එකඟතාව පළ කර  ඇතැයි පිවිතුරු හෙටක් ජාතික සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

පසට  එක්වන විෂ රසායනික ප්‍රමාණය අවම කරගැනිමේ අරමුණින් රජයෙන්  කළ ඉල්ලිමක් අනුව ජනාධිපති, අගමැති හා කෘෂිකර්ම  ඇමැති මීට  එකඟතාව පළ කර ඇතැයි  කී අතුරලියේ රත්න හිමියෝ  වස විසෙන්  තොර  පාරම්පරික ගොවිතැනට  යළි  මුලපිරිම සඳහා  මෙම වැඩපිළිවෙළ හේතු වනු ඇතැයි  ද කියා සිටියහ.

_DSC1461



අදහස් (0)

‘පෝර සල්ලි ගොවියාට’

නාමල් Wednesday, 04 November 2015 12:15 PM

කාලෝචිත අදහසක් (නි)

:       0       0

දහම් Wednesday, 04 November 2015 12:38 PM

අවුල් ජාලයකට මග පැදීමක්. (ස)

:       0       0

කණිෂ්ක Thursday, 05 November 2015 08:20 AM

සල්ලි අතට දුන්නත් එ්කෙන් කරන්නෙත් පොහොර ගන්න එකමනේ අපේ හාමුදුරුවනේ...(බ)

:       0       0

තිලක් Wednesday, 04 November 2015 01:12 PM

මේ කියන ලෙසම කෙරෙනවා නම් ඉතාම හොඳයි (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 04 November 2015 01:19 PM

මෙසේ කිරීමෙන් පමණක් අරමුණු සඵලවේද? (නි)

:       0       0

තුසිත Thursday, 05 November 2015 08:39 AM

පන්සලට ගිහින් බණක් භාවනාවක් කලානම් නේද හොද? කරන්න බැරි දේවල් නොකියා......... (ම)

:       0       0

ගාමිණී Wednesday, 04 November 2015 01:46 PM

ලංකාවට ප්‍රමිතියට අනුකූල පොහොර ගෙන එන්න. ඒ වගේම ගොම, එළු පොහොර වැනි දෑ භාවිතය වැඩි කරන්න. (නි)

:       0       0

සෙනරත් Wednesday, 04 November 2015 02:00 PM

ලෝකයේ ගොවිතැන දියුණු රටවල් කරන ලෙස කළයුත්තේ ප්‍රමිතියෙන් යුතු පොහොර ගොවීන් හට බෙදාදීමයි. මුදල් බෙදාදීමෙන් දුන් මුදල අවසන් වනතුරු ගොවියන් විවිධ කටයුතු වල යෙදේවි (නි)

:       0       0

රනිල් වික්‍රම Thursday, 05 November 2015 03:22 AM

එතකොට පුළුවන්නේ ඇමරිකන් කොම්පැනි වලට එයාලගේ පොහොර විකුණගන්න ලේසියෙන්ම! මොකද වෙළදපොළේ තියන ඒවානේ ගොවියට ගන්න වෙන්නේ! (ම)

:       0       0

දිලුම් Thursday, 05 November 2015 03:29 AM

යහපාලනේ කියන්නේ අවුලක් විතරයි නේද. කවුද දන්නෙ නෑ මේ තීරණ ගන්නේ. හැමදාම කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින එක. (ම)

:       0       0

විජයබාහු Wednesday, 04 November 2015 02:33 PM

ලංකාවේ ගොවියාට සහ ගොවිතැනට අතීතයේ වුණ දෙය නැවතත් සිදුනොවේවා කියා පතනවා (නි)

:       0       0

ටිහාන් Thursday, 05 November 2015 03:33 AM

මේ ක්‍රමය සාර්ථක වෙයි කියලා විශ්වාසද? (නි)

:       0       0

සමීර Thursday, 05 November 2015 03:35 AM

පොහොර ටිකත් නැතුව, සල්ලිත් නැතිවෙලා, ගොවි ගෙදරටත් හෙණහුරා වදියිද දන්නේ නැහැ (නි)

:       0       0

සුමිත් Thursday, 05 November 2015 03:41 AM

අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැ. ගුණාත්මක පොහොර ලබාදෙන්න. නැත්නම් නොදී ඉන්න. බඩගින්නේ ඉන්න මිනිහාට බිලී පිත්තක් මිස මාලුවෙක් දීමෙන් ප්‍රශ්නය විස‍ඳෙන්නේ නැහැ (නි)

:       0       0

මනෝජ් Wednesday, 04 November 2015 02:56 PM

අපි ඒකත් කරලා බලමු එහෙනම් (නි)

:       0       0

කරැ Wednesday, 04 November 2015 03:13 PM

ඊ.පී.එෆ් එක කලින් දුන්නා වගේ වැඩක්.(රේ)

:       0       0

පාඨලී Thursday, 05 November 2015 03:54 AM

සුමිත්ගේ අදහසට මම එකඟයි (නි)

:       0       0

නුවන් Thursday, 05 November 2015 07:37 PM

ඉතාම හොඳ වැඩක්. හැබැයි දැන් පොහොර කොහොම වෙතත් සල්ලි ටිකත් නැතිවෙයිද දන්නෙ නැහැ, බීමට වියදම් කරලා. (නි)

:       0       0

රුවන්ති Thursday, 05 November 2015 04:02 AM

ගොවියාට මුදල් දී වස විස අඩුකරන්න තැත්කිරීම හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමක් වගේ වැඩක්. ඔය මුදල් වලින් ගොවියා දැන් පරිසර හිතකාමී පොහොරම මිලදීගනීද? (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 04 November 2015 03:26 PM

මේක කරන්න පුළුවන් යෝජනාවක් ද කියල ඉස්සරවෙලා කල්පනා කරල බැළුවොත් තමා හොඳ, ඵලදායිත්වය හා ප්‍රායෝගිත්වය පිළිබඳව නම් ගැටළු එමටයි. අන්තිමේදී පාසැල් සිසුන්ට නොමිලේ පෙළ පොත් ලබාදීම වෙනුවට ඊට සරිලන මුදලක් ලබා දීමටත් යෝජනා වේවි, යහපාලනය පරිස්සමින් පරිහරණය කිරීම ගුණදායකයි.(රේ)

:       0       0

රණසිංහ Thursday, 05 November 2015 04:49 AM

පොහොර ගැන විතරද කතා කරන්නේ? වෙනත් වියදම් ගැනත් කතා කරන්නකෝ. අනික දැන් බලන්න කොච්චර කුඹුරු ගොඩකරනවද කියලා. අනිත් අතට ජනගහණය වැඩිවෙනවා. අනාගතයේදී ආහාර ගැටළුවක් අනිවාර්යයෙන්ම එනවා (නි)

:       0       0

ඉෂාණි Wednesday, 04 November 2015 05:02 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සෙනරත් Wednesday, 04 November 2015 05:50 PM

මොනවා කළත් කමක් නැහැ, ගොවිතැන මේ රටින් තුරන් කරන්න නම් එපා. මොකෝ පැට්‍රල් මිල අඩුකළා කියලා, ත්‍රීරෝද වල ගාස්තු අඩුකළාද ? (නි)

:       0       0

නිලන්ත Wednesday, 04 November 2015 05:52 PM

ගොවියන්ට සල්ලි දීලාවත්, උපදෙස් දීලාවත් වැඩක් නැහැ. උදව් කරන්නයි, අඩු වියදමෙන් වගාකරන හැටි කියාදෙන්නයි ඕනෑ. (නි)

:       0       0

මාලි Thursday, 05 November 2015 05:57 AM

මෙහෙම විකල්ප කරන්න පුලුවන්ද සල්ලි දුන්නට ගොවියන්ගේ ගොවිතැන් පොහොර නැතිව කරන්න බැහෙැ. ඒකට ක්‍රමයක් හදන්න බැරුව නිකම් බොරු කියන්න (බ)

:       0       0

දිල්ෂාන් Thursday, 05 November 2015 06:40 AM

ඔය සුරංගනා කතා වලින් අපිට වැඩක් නැහැ. ඔබතුමා වැඩක් කරලා ඉවර වෙලා ඒක ගැන කතා කරන්න. (ස)

:       0       0

යසාන් Thursday, 05 November 2015 06:42 AM

මම නම් හිතන්නේ සල්ලි අතට දෙන එක සුදුසු නැහැ (නි)

:       0       0

තරංග Wednesday, 04 November 2015 10:43 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 06 November 2015 06:41 PM

ප්‍රශ්න වලින් මඟහැර යාම සුදුසු නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site