IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රා.ලේගෙ අවසරයෙන් පේරකයේ ගස් කපලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පේරක කලාපයට අයත් කළාඔය නිළබැම්ම ප්‍රදේශයෙ පිහිටි දැවැන්ත ගස් කැපූ සැකකරුවන් අට දෙනකු ඊට යොදාගත් සමග යන්ත්‍ර සුත්‍ර තොගයක්  සමග  අත්අඩංගුවට ගත් බව කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලකියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නිලබැම්ම ප්‍රදේශයෙ පදිංචි කරුවන් සිව් දෙනකු හා රාජාංගනය ප්‍රදේශවල පදිංචි තවත් සිව් දෙනෙකු ඇතුළු අට දෙනෙක් බව වනජීවි නිළධාරින් පවසයි.

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමට අයත් පේරක කලාපයෙ පිහිටි වසර 300 කට පැරණි දැවැන්ත ගොඩ කිරීල්ල ශාඛයක් ඇතුළු තවත් ශාක 17 ක් කැපිම සදහා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයා  ලබා දී ඇති බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත සංහාර සිදුකර ඇති බව කියයි.

ඉඩම දිර්ඝ කාලින බදු පදනම මත වගා කිරීමට ලබා දීමට පෙර  කිසිදු ලෙසකින් ජාතික වන උද්‍යාන මායිම් සැලකිල්ලට ගෙන නොමැති බවත් එලෙසම මායිම් නොසලකා හරමින් අදාල ශාඛ කැපිමට ප්‍රාදේශීය ලේකම් අදාල බලපත්‍ර නිකුත් කර ඇති බව කියයි.

මේ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාගෙන් කල දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් මෙසේ පවසන්නට විය.

“ මේ ගැන අදාල ග්‍රාම නිළධාරි ලබා දුන් වාර්තාවක් මත තමයි බලපත්‍ර ලබා දීම සිදුව ඇත්තේ අනික කළාඔයෙන් මෙහා කොටස විල්පත්තුවට අයිති නම් මායිම් ලකුණු කර තිබේන්න ඕනා කිසිම මායිමක් නැතිව අපි කොහොමද දන්නේ මේ විල්පත්තුවද තබ්බෝවද කියලා යැයි ඔහු පවසන්නට විය.



අදහස් (5)

ප්‍රා.ලේගෙ අවසරයෙන් පේරකයේ ගස් කපලා

de silva Friday, 07 April 2023 03:33 PM

කොහෙට අයිති වුණත් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව මහ කැලේ ගස් කපන්න අවසර දුන්නේ කවුද?

:       0       22

Sunil Friday, 07 April 2023 04:04 PM

මෙයා කිතුල් ගහකට එහෙම නැග්ගාද?

:       0       16

Mr Don Friday, 07 April 2023 06:58 PM

කෝ මේ රිෂාඩ් බදියුදීන්...?

:       0       5

kahawita Saturday, 08 April 2023 12:05 PM

ගොඩක් ප්‍රාදේශීය ලේකම්ලා කියන්නෙත් පල්හොරු...

:       0       0

Bamunuarachchi Tuesday, 11 April 2023 06:04 PM

විල්පත්තුවේ හම්බ සෙට් එක පදිංචි කරන කොට කපපු ගස්වලට මොකද උනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site